27 April 2024
#දේශීය

රනිල් තනතුරු අත්හරිද..? තීරණය හෙට ද? කල් යාවිද?

විපක්ෂ නායක ධුරය හා එක්සත් ජාතික පක්ෂයේ නායකත්තවය සම්බන්ධයෙන් හෙට (05) අවසන් තීරණයක් බොහෝ විට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය දින පැවැති සාකච්ඡාවේදී සියළු දෙනා එකඟ වුයේ 05 වනදා දින මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නා බවයි.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පක්ෂයේ කිසිදු අර්බුදයක් නැති බවත් පක්ෂයේ සියලු දෙනා සාමූහික වශයෙන් තීරණයක් ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් අප එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සමඟ මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට වඩාත් සුදුසු නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවයි. පසුපෙල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවිය යුතු බවත් ඇතැම් පිරිස් අඩු දේශපාලන දැනුමත් ඇති අය බවයි ඔහු අප වෙත කියා සිටියේය. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පවා කීමට ඇත්තේ එයම පමණක් බව ඔහු අප වෙත කියා සිටියේය.

නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ බිමට සමතලා වීම වලක්වා ගැනීමට නොහැකි මට්ටමක පවතින අතර රනිල්ව ඉවත් වීම තුළින් එය සනාථ වන ඇත. කෙසේ වෙතත් රනිල් හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨයින් පවසා ඇත්තේ එජාපයේ නායකත්වය වඩාත් සුදුසු කෙනාට මිස අන් අයගේ බලපෑම මත කිසිවෙකුටත් නොදෙන ලෙසයි. එවැනි දේ සිදු වුවහොත් එජාප පාක්ෂීකයින්ට සිදු කරන විශාල ආසාධාරණයක් වනු ඇත.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *