27 April 2024
#දේශීය

විනය කඩපු අයට පක්ෂ සාමාජිකත්වය අහෝසියි – මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

මේ දිනවල පක්ෂයේ විනය ක්‍රියාමාර්ග පැවරීම තම දෛනික ජීවීතයේ අංගයක් බවට පත්ව ඇතැයි කී අමාත්‍යවරයා ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත්, ඒ මහතාට අවශ්‍යනම්, අධිකරණයට යා හැකි බවද පැවසිය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ සපුගස්කන්ද ඛනිජතෙල් පිරිපහදුවේ අංගනය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *