• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුල්‍ය අපරාධකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි කෝප් කමිටුවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි  

27 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ රටේ මහජන මුදල් අතිවිශාල මුදලක් කොල්ලකෑ බැඳුම්කර ජාවාරමට අදාළ අපරාධකරුවන් හෙළිදරව් කිරීම සඳහාත් එම මහජන මුදල් රටට අත්කර ගැනීම සඳහාත් වංචාව හෙළිදරව් වූ පළමු පැයේ සිටම කැපවී සිටි අපි මෙම මූල්‍ය අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන තුරු මහජනතාව සමග ඒ සඳහා වන අරගලයේ අඛණ්ඩව රැඳී සිටින බවයි.

එබැවින් මෙම වාර්තාවේ සඳහන් සියලූම බැඳුම්කර වංචනිකයින් නීතිය හමුවට පමුණුවා ද`ඩුවම් ලබාදීමට අවශ්‍ය අධිකරණමය ක‍්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හදුන්නෙත්ති මහතා සිය ලිපිය මඟින් දන්වා තිබේ.

 

හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

ගරු ජනාධිපති,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,
මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින්
නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි

මහත් ආන්දෝලනයට තුඩු දුන් හා රටේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය වන මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විශේෂඥ දැනුමැති ආයතන සම්බන්ධ කරගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ සභාගත කර තිබේ.

02. එම වෝහාරික විගණන වාර්තාව මගින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් හා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් සිදු කරන ලද පරීක්ෂණවල නිගමන හා නිර්දේශ සනාථ කරනු ලැබ ඇති අතර විද්‍යාත්මක විමර්ශන මගින් නෛතික පසුබිමද ශක්තිමත් කරනු ලැබ තිබේ. කෝප් කමිටුවේ ඉල්ලීම අනුව මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේම ඒ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුත්තක් වෙනුවෙනි. එබැවින් එයින් එම ප‍්‍රයෝජනය ගැනීම ඒ වෙනුවෙන් යොදවන ලද කාලය හා මහජන මුදල් අපතේ නොහැරීමකි.

03. විශේෂයෙන් බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වංචාවන් හා අක‍්‍රමිකතාවන් සිදුවීමේ ආරම්භක කාල වකවානුව දක්වාම මෙම වෝහාරික විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබීම මගින් ළබැඳියාවන් අතර ගැටුම දිගු කාලයක් පුරා ප‍්‍රධානතම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ ක‍්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා ඇති බව සනාථ කොට ඇත. මේ වාර්තාවට එරෙහිව විවිධ පුද්ගලයින්ගේ කලබලවීම් මගින් හා රටින් පලායාම්වලින් පෙනී යන්නේ මේ වංචා සහගත ගනුදෙනුවලට එරෙහි නෛතික ක‍්‍රියාවලිය පිළිබඳව ඔවුන් කෙතරම් කලබල වී සිටින්නේද යන්නය.

04. මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මගින් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ මෙම බැඳුම්කර වංචාවේ බලපෑම හුදු ශ‍්‍රී ලංකා මහ බැංකුවට පමණක් නොවන බවයි. මේ සුදු කරපටි අපරාධකරුවන් විසින් රටේ වැඩකරන ජනතාව ඉතාම දුෂ්කර තත්වයන් යටතේ තමන්ගේ විශ‍්‍රාමය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනු මගින් බරපතළ පාඩුවක් සිදුකර ඇති බවද හෙළිදරව් වී තිබේ.

05. මෙම මූල්‍ය කොල්ලකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටද අවම වශයෙන් වසර 05කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී තිබේ. වෝහාරික විගණන වාර්තාව එළිදැක ඇති බැවින් එය පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබතුමාට හා ඔබතුමාගේ ආණ්ඩුවට බලය ලැබී ඇත. එසේම මේ පිළිබඳව කඩිනමින් ක‍්‍රියාත්මක නොවුවහොත් රටේ මූල්‍ය නීති සාමාන්‍ය ජනතාවටත් සුදු කරපටි අපරාධකාරයන්ටත් වෙනස් ලෙස කි‍්‍රයාත්මක වෙන බවට විශ්වාසයක් ඇති විය හැකි අතර එය රටේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසය මෙන්ම නීතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසයද බරපතළ ලෙස පළුදු කරනු නොඅනුමානය.

06. රටේ මහජන මුදල් අතිවිශාල මුදලක් කොල්ලකෑ බැඳුම්කර ජාවාරමට අදාළ අපරාධකරුවන් හෙළිදරව් කිරීම සඳහාත් එම මහජන මුදල් රටට අත්කර ගැනීම සඳහාත් වංචාව හෙළිදරව් වූ පළමු පැයේ සිටම කැපවී සිටි අපි මෙම මූල්‍ය අපරාධකරුවන්ට ද`ඩුවම් ලබා දෙන තුරු මහජනතාව සමග ඒ සඳහා වන අරගලයේ අඛණ්ඩව රැඳී සිටින බව අවධාරණය කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමු. එබැවින් මෙම වාර්තාවේ සඳහන් සියලූම බැඳුම්කර වංචනිකයින් නීතිය හමුවට පමුණුවා ද`ඩුවම් ලබාදීමට අවශ්‍ය අධිකරණමය ක‍්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

සුනිල් හඳුන්නෙත්ති
හිටපු කෝප් කමිටු සභාපති
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජනතා විමුක්ති පෙරමුණ
2020.01.27

 

 

Post Views: 4
Previous Post

මම රනිල් ළග අඩා වැටුණා – ෆීල්ඩ් මාර්ෂල් සරත් කියයි

Next Post

වරදක් සිදුව ඇතිනම් වරදකරුවන්ට දඩුවම් දිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් ( විඩියෝ)

editor

editor

Next Post

වරදක් සිදුව ඇතිනම් වරදකරුවන්ට දඩුවම් දිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් ( විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved