8 September 2024
#දේශීය #පුවත්

මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්න මගෙන් ඇහුවේ නෑ

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (4) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

2024 ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට තමන් සහය පළ කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබිණි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව තමාගෙන් හෝ නීතිඥවරුන්ගෙන් උපදෙස් ලබා නොගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *