• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාත්‍රාවලට ඉන්ධන සැපයීමෙන් ඩොලර් මිලියන 03ක ආදායමක් උපයා ගත්තා – රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

9 February 2024
in දේශීය, පුවත්
යාත්‍රාවලට ඉන්ධන සැපයීමෙන් ඩොලර් මිලියන 03ක ආදායමක් උපයා ගත්තා – රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.

බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා “ පැවති අසීරු ආර්ථික අර්බුදය හමුවේ ක්‍රමානුකූලව රට නැඟිටිමින් සිටින අවස්ථාවක අප මේ වන විට පසුවනවා. අප සියලු දෙනාම තෙල් පෝලිම්වල සිටි අවධියක් තිබුණා. සියලු දෙනාගේ කැපවීමෙන් අද වන විට ස්ථාවර තෙල් සැපයුමක් පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා. මෑත ඉතිහාසයේ පැවති විශාලම තෙල් සංචිත ප්‍රමාණයක් අප මේ වන විට රඳවා තබාගෙන සිටිනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩොලර්වලින් ඉතිරියක් පවත්වාගෙන යාමට ද අපට හැකි වී තිබෙනවා. බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන අතර සතියකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය එම සතිය තුළම ලබා ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා. අද වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 130,791ක්, පෙට්‍රල් 92 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 83,275ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 8313ක්, පෙට්‍රල් 95 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 11,196ක්, ගුවන් යානා සඳහා භාවිත කරන JET A1 මෙට්‍රික් ටොන් 17,274ක් සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් (FO) මෙට්‍රික් ටොන් 75,410ක් වශයෙන් පවත්වාගෙන යනවා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියට අනුව ඉදිරි මාස 06කට අවශ්‍ය තෙල් ලබාගැනීම සඳහා දීර්ඝ කාලීන ගිවිසුම්වලට එළඹී තිබෙනවා. එමඟින් අපට බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස මැද භාගය වන තෙක් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වය වී තිබෙනවා. ඊට හේතුව වන්නේ යුරෝපයට සීත සෘතුව පැවතීමත් සමඟ තෙල් භාවිතය අධික වීමයි. එම කාලය තුළ ඉල්ලුම වැඩිවීමත් සමඟ මිලෙහි ඉහළ යාම සෑම වර්ෂයේම සිදු වන්නක් බව කිව යුතුයි. ඒ අනුව සීත සෘතුවේ අවසානයත් සමඟ මාර්තු මාසයෙන් පසුව තෙල් මිලෙහි අඩුවීමක් අපට බලාපොරොත්තු වන්න පුළුවන්. එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම 2022 වර්ෂයට පෙර සෑම වසරේම ප්‍රමාද ගාස්තු ගෙවීම සිදු කළා. නමුත් 2023 වසරේ අප නව ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළා. නැව් වරායට පැමිණි මොහොතේම ගබඩා කිරීමට කටයුතු කළා. අනතුරුව අප සතුව පවතින ඩොලර් ගෙවීමෙන් පසු තෙල් මිලදී ගැනීම සිදුකළා. එම ක්‍රමය හරහා වසර 15 කට පසු එක් රුපියලක් වත් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමක් අප සිදු කලේ නැහැ. එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාව මේ දක්වා ඉන්ධන මිල දී ගැනීම සිදු කළේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ටෙන්ඩර් කැඳවීමෙනුයි. නමුත් අප විසින් ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවීම සඳහා වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. එහි කටයුතු මේ වන විට 95% ක් පමණ අවසන් කිරීමට ද අපට හැකියාව ලැබී තිබෙනවා. තෙල් ගබඩා පර්යන්තය මඟින් ඊට අවශ්‍ය තාක්ෂණික ඥානය අපට ලබාදීම සිදු කරනවා. ලෝකයේ පවතින නව තාක්ෂණික ක්‍රමවේදයන් ලංකාවට හඳුන්වාදීමත් සමඟ තවදුරටත් ඉන්ධන මිල අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම වසර 02කට පසුව 2024 වසරේ දී යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු අප (bunkering system) ආරම්භ කළා. එමඟින් මෙට්‍රික් ටොන් 5,200ක් ඉන්ධන නෞකා සඳහා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකිවුණා. එමෙන්ම යාත්‍රාවලට ඩීසල් පිරවීමේ කටයුතු ද ඉතාමත් කෙටි කාලයකින් අරම්භ කිරීමට අපේක්ෂා කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5,905
Previous Post

ජනාධිපතිවරණයේදී දිනන දේශපාලන ව්‍යාපාරය බවට පොහොට්ටුව පත්වෙනවා – මන්ත්‍රී සංජීව

Next Post

අනුරගේ බොරු සමීක්ෂණයේ ඇත්ත ලඟදීම හෙළි කරනවා- තුෂාර ඉඳුනිල්

editor ttvnews

editor ttvnews

Next Post
අනුරගේ බොරු සමීක්ෂණයේ ඇත්ත ලඟදීම හෙළි කරනවා- තුෂාර ඉඳුනිල්

අනුරගේ බොරු සමීක්ෂණයේ ඇත්ත ලඟදීම හෙළි කරනවා- තුෂාර ඉඳුනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

21 May 2025
ලංකා විදුලිබල මණ්ඩලය ගැන විශේෂ නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලය ගැන විශේෂ නිවේදනයක්

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved