මෙවර ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින්ගෙ සහභාගීත්වය අවම වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රාජ්‍ය නිලධාරින් බොහෝ දෙනෙක් රෝගීන් බවයි. ඔවුන්ට නැත්තේ පිස්සු බලු රෝගය, ලාදුරු සහ ඒඩ්ස් වැනි දේ පමණක් බව හෙතෙම පැවසිය.
එසේම රාජ්‍ය නිලධාරින්ගේ දෙමාපියන් මෙන්ම දරුවන්ද බොහෝ අයට සිටින බවද ඇතැම් රාජ්‍ය නිලධාරින් විසින් දන්වා ඇති බවත් ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා පැමිණිමට අපහසු බව දන්වා ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියා සිටියේය.
එසේම ඇතැම් නිලධාරින් වාහන ලබා නොදීමට කටයුතු කරනු ඇති බව වාර්තා වන බවත් එවැනි දෙයක් සිදු වුවහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කළ හැකි බවත් දේශප්‍රිය මහතා දන්වා සිටියේය. තව ද ඔවුන්ට ලක්ෂ 03 ක දඩයක් මෙන්ම වසර 2 කට හෝ 3 සිරගත වීමක් සිදුවීමට හැකි බව ද සභාපතිවරයා අනාවරණ කළේය.
කෙසේ වෙතත් මෙලෙස රාජකාරි කටයුතු වලින් බැහැරවල සිටින්නේ වැඩිපුර පිරිමි පාර්ශවය බව ද ඔවුන් ගුරුවරුන් බවයි දේශප්‍රිය මහතා කියා සිටියේ.
එනමුත් කාන්තා පාර්ශවයට අවශ්‍ය පහසුකම් සැපයීමට නොහැකි වීම තුළින් කාන්තා නියෝජනය මැතිවරණ රාජකාරි සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු දැනුම් දී සිටි.