• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ සේවකයා ඉන්නේ සතුටින් නෙමෙයි… ජිවත් වෙන්නේ හරි අමාරුවෙන් – මන්ත්‍රී දුමින්ද

31 January 2024
in දේශීය, පුවත්
රජයේ සේවකයා ඉන්නේ සතුටින් නෙමෙයි… ජිවත් වෙන්නේ හරි අමාරුවෙන් – මන්ත්‍රී දුමින්ද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ සේවකයෝ ඇත්තටම ඉන්නේ සතුටින් නොවන බවත් ඔවුන් ඉතාමත් අසීරුවෙන්ම දැන් ජීවත් වෙන්නේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්ය.ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් පැවැත්විණි.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වන අලි ගැටලු, කෘෂිකාර්මික ගැටලු ඇතුළු ගැටලු හා ඒවාට විසදුම් සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් සමඟ මෙහිදී සාකච්ජා කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,“ රජයේ සේවකයෝ ලෙස ඔබතුමලාත්, අපි හැමෝමත් ඇත්තටම ඉන්නේ සතුටින් නෙමෙයි. තියෙන වියදම් එක්ක ගත්තාම, අඩුයි කියන්න කිසි දෙයක් නෑ, හැම දේම වැඩියි, ලයිට් ටිකද, වතුර ටිකද, ගෑස් ටිකද, ටියුෂන් පන්ති ගාස්තුද, ළමයින්ගේ පාසල් වියදම්ද, මේ හැම දේම ගණන් වැඩියි, මේ වෙලාවේ ගත්තම රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම ජීවත් වෙන්නේ, අද ඔබතුමන්ලාට වඩා පොල් කඩන මනුස්සයෙක් ඉතා හොඳින් ජීවත් වෙනවා,මොකද එයා එයාගේ ගාන වැඩිකරගෙන තියෙනවා වියදමත් එක්ක, පොල්ගෙඩියේ ගාන වැඩි වෙලා තියෙනවා, ඒ වගේම කම්කරුවගේ ගානේ ඉඳන්,මේසන් බාස්ගේ ගානේ ඉඳන් හැමදේම වැඩි වෙලා තියෙනවා, හැබැයි රජයේ සේවකයින්ට විතරයි තියෙන වියදමට ගැලපෙන පඩියක් ගලප්පගන්න බැරිව ඉන්නේ.ඒ නිසා මම දන්නවා රජයේ සේවකයින් බොහෝම අමාරුවෙන් ඉන්නේ, වෙනදා ජීවත් වෙච්ච විදිහටම ජීවත් වෙන්න බෑ, අපේ බොහෝ රාජ්‍යය සේවකයෝ වැටුප, බැංකු ණයට ගෙවලා, ඕ.ටී , බටා එකෙන් තමයි ජීවත් වුණේ, එහෙම තමයි ජීවිකාව කරගෙන ගියේ, මේකට උත්තරයක් වෛරයෙන් හෙව්වොත් හම්බෙයිද? තරහෙන් උත්ත්රයක් හෙව්වොත් හම්බෙයිද? කවුරු හරි කිව්වොත් හෙට ගෑස් එකේ මිළ රුපියල් 100 කින් අඩු වෙනවා කිව්වොත් දැන් මේ තියෙන පඩිය ඇතිද ජීවත් වෙන්න? ඒත් මදි එහෙම නම් මොකක්ද අපි කරන්න ඕන, අපිට පඩි වැඩි කරන ක්‍රමයකට අපි යන්න ඕන, අපේ පඩි වැඩිවෙන්න ඕන ඉස්සරහට, අපේ පඩි වෙන්න නම් ඉස්සරහට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන, පාඩු ලබන ආයතන ලාබ ලබන ආයතන බවට පත් වෙන්න ඕන, එදා තිබුණ හනමිටි අදහස් වලින් ඈත් වෙලා ඉස්සරහට යන්න ඕනකම තියෙනවා, දැන් සමහරු වැට් එකට භයේ ඉන්නවා, වැට් එකට භය වෙන්න ඕන නෑ,වැට් එක උප්පත්තියෙන් දුන්නත් වැට් එක ගෙවන්න වෙන්නේ ආදායමක් ලැබුවොත් විතරයි, මේවා අපි ඔලුවෙන් නිදහස් කර ගන්න ඕන, හැබැයි අපිව රෑට භය කරනවා ටී.වී එකේ ඔන්න වැට් එක ආවා, ඔන්න ටින් එක ආවා, දැන් ඉවරයි කියලා, වැට්, ටින් නෙමෙයි තව මොනවා හරි ආවත්, ඒ අවශ්‍යය මට්ටමට ආදායමක් ලැබුනොත් විතරයි අපිට ගෙවන්න වෙන්නේ. ඒ ක්‍රමවේද නාව නිසා තමයි මෙච්චර කාළයකට මේ රට දුප්පත් වුණේ, ගෙවන්න ඕන මිනිහා නොගෙවා හිටියා සමහර ව්‍යාපාරිකයෝ වංචා කළා, ආදායම් ලබන මිනිස්සු නොගෙවා හිටියා, හැබැයි අපේ රටේ මේ ක්‍රමය ආවා නම් මීට අවුරුදු 20 කට කලින්, අපි හැමෝම උපදින කොටම, හැදුනුම්පත වෙන්න පුලුවන, වැට් එක වෙන්න පුලුවන්, ටින් එක වෙන්න පුලුවන්, ගහන්න පුලුවන් හැම එකම උප්පත්තියේ ඉඳන් ගැහුවා නම් අපි හැමෝම එක සිස්ටම් එකකට ගිහින්, අපිත් එකයි, සල්ලිකාරයත් එකයි, කාටවත් හොරකම් කරන්න බැරි වෙනවා.හැබැයි අපි ඉතිහාසයේ හොරකම් කරන්න දීලා, වංචා කරන්න දීලා, දේශපාලඥයොන්ට උදව් කරලා, නිළධාරියකුට උදව් කරලා, හැම දේම කරලා දැන් කෙළ වුණාට පස්සේ අපි වෙන කොහෙන් හරි මේ ප්‍රශ්නය අල්ලාගෙන ඉන්නවා.ඒ නිසා දැන් ඒ ප්‍රශ්නය වෙන කොහෙන්වත් අල්ලන්න වෙලාව නෙමෙයි, හරි තැනින් අල්ලලා, හරියට විසඳුම් හොයන්න වෙලාව, ඒ නිසා තමයි කියන්නේ සිස්ටම් එකක් එනකොට පොඩ්ඩක් අමාරුයි, ඒ සිස්ටම් එක අදවත් නාවොත් එහෙම අපේ දරුවන්ගේ අනාගතය විනාශ වෙනවා,එහෙම නම් අපි මොනවද කරන්න ඕන, අපිට ගෑස් එක, තෙල් ටික රුපියල් සීයකින් අඩු වෙලා හරියන්නේ නෑ, ලයිට් බිල 30% කින් අඩු වෙලා හරියන්නේ නෑ, ලෝකයේ හැම දේම අපි දන්නවා එන්න එන්න වැඩි වෙනවා. කවදාවත් අඩු වෙලා නෑ, එකක් අඩු වෙලා අපිට පඩිය මේ ගාන තිබ්බත් අපිට ජීවත් වෙන්න මදි, මොකක්ද වෙන්න ඕන, අපේ පඩිය වැඩි කර ගන්න පුලුවන්, ආර්ථිකයක් තියෙන රටක් බවට මේ රට පත් වෙන්න ඕන, ඒ සඳහා අලුත් ක්‍රම, අලුත් නීතී රීතී, හණමිටි අදහස් පැත්තකින් තියලා, අලුත් ගමනක් අපි යන්න ඕනකම තියෙනවා, එහෙම නම් මේ තීන්දුව අපි වෛරයෙන් ගත්තොත් මොකද වෙන්නේ? මේ තීන්දුව අපි මෝඩකමින් ගත්තොත් මොකද වෙන්නේ, මේ තීන්දුව රෑට ටී.වී එකේ පේන දේත් එක්ක කලොත් මොකද වෙන්නේ, අපිත් අනාතයි, අපේ දරුවොත් අනාතයි, ඒ නිසා පාඩු ලබන ආයතන පිළිබඳව අපි හිටියා නම් වෙන මතයක, අපි අලුත් මතයකට එමු, විදුලි බල මණ්ඩලය අපි බිල් ටික ගෙවන කොට තාමත් ඒ අය පාඩුයි කියනවා නම්, ඒ අය ගත්ත ලෝන් වල පොලිය ගෙවන්නේ අපි නම් මේවා වෙනස් වෙන්න ඕනකම තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තිසර සමල්- අනුරාධපුර

Post Views: 672
Previous Post

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනීය අතර හමුවක්

Next Post

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම් දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍යයි – ලංවිම

විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍යයි – ලංවිම

2 January 2026
සයිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය වසරකට පසුත් ප්‍රමාදයි

සයිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය වසරකට පසුත් ප්‍රමාදයි

2 January 2026
2026 වසරේදී සයිබර් අපරාධ රතු නිවේදන නිකුත් කරමින් ශීඝ්‍රයෙන් ඉහළට

2026 වසරේදී සයිබර් අපරාධ රතු නිවේදන නිකුත් කරමින් ශීඝ්‍රයෙන් ඉහළට

2 January 2026
ඓතිහාසික පෙරළියක් සිදුවෙමින් කිරුළ මාරු වෙයි

ඓතිහාසික පෙරළියක් සිදුවෙමින් කිරුළ මාරු වෙයි

2 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍යයි – ලංවිම

විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍යයි – ලංවිම

2 January 2026
සයිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය වසරකට පසුත් ප්‍රමාදයි

සයිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය වසරකට පසුත් ප්‍රමාදයි

2 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved