• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා – ජනපති

5 January 2024
in දේශීය, පුවත්
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව හෙතෙම පැවසිය.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

2025 වන විට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සියල්ල සිදු කර අවසන් කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කිසිඳු අවතැන් පුද්ගලයෙක් 2025 වන විට ශ්‍රී ලංකාව තුළ සිටිය නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ම ආවරණය වන පරිදි ලියාපදිංචි කර ඇති අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1788කි. ඊට අදාළ පැමිණිලි 1289 කට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.

ඉතිරිව පවතින 500 ක පමණ පැමිණිලි සංඛ්‍යාව කඩිනමින් විභාග කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස හය ඇතුළත එම කාර්යය අවසන් කිරීම සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වී සීටී මෙම රැස්වීමේදී එම දිස්ත්‍රික්ක තුළ මෙතෙක් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස විමසා බැලිනි.

නැවත පදිංචි කිරීම්, අධ්‍යාපන ,සෞඛ්‍ය, ඉඩම් , ධීවර, කෘෂිකර්ම සහ වන සංරක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳ සහ උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරිණි.

උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය සැලැස්ම සකස් කරමින් උතුර වේගවත් දියුණුවක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළට එක්වන ලෙස උතුරු පළාත නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනම් කළයුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම නව ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයෙකුට මෙරටට පැමිණ අයෝජනය කිරීමට අවස්ථාව සැලෙසන බවද පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එක්වීමට විදේශගතව සිටින ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද පැවසීය.

උතුරේ බලශක්තිය සුරක්ෂිත කරමින් බලශක්තිය අපනයනය සඳහා රට සූදානම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා පුනරීන් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟන බවත් හෙතෙම සඳහන් කළේය.

උතුරේ කෘෂිකර්මාන්තය නවීකරණයට නතුකරමින් උතුරු පළාත මෙරට කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

උතුරු පළාතේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානයට යොමු කළ අතර පලාලි ගුවන්තොටුපළ සහ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පිළිබඳ මෙම පෙබරවාරි මස වන විට අවසන් තීරණයකට එළැඹෙන බවද සඳහන් කළේය.

යාපනයට පැමිණ උතුරේ ඉඩම් ප්‍රශ්නය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස ඉඩම් අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසිය.

උතුරේ ජල ප්‍රශ්නයට විසදුම් ලබාදීම වෙනුවෙන් ජල යෝජනා ක්‍රම දෙකක් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත්, මීට පෙර ක්‍රියාත්මක කර තිබූ ජල ව්‍යාපෘති සදහා ගෙවීමට නියමිත මුදල් ද මේ වන විට ලබාදීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන් , ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන්, යාපනය දිස්ත්‍රික් ලේකම් අම්බලවාණන් ශිව පාදසුන්දරන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් පති රූපාවතී කේතීශ්වරන් යන මහත්ම මහත්මින් සහ උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මීට එක්ව සිටියහ.

Post Views: 16
Previous Post

මාතලේ කොම්පොසට් පොහොර අලෙවි සැලක්

Next Post

“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

editor ttvnews

editor ttvnews

Next Post
“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved