• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රටේ තීන්දු රටේ ජනතාවටත් අනාගතයටත් වැදගත් – ඇමැති පාඨලි

2 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවුලක් විසින් උදෑසන තේ මේසයේදී රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතරයක් රටේ තීන්දු තීරණ ගැනීම, රටටත්, ජනතාවටත් අනාගතයට වැදගත් වන බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) දින කොළඹ නගරයේ බේරේ වැව ආශ‍්‍රිත සංවර්ධන කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘බේරේ කියන්නේ ලන්දේසි යුගයෙත්, බ්‍රිතාන්‍ය යුගයේත් ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක්. දුම්රිය මාර්ග ආවට පසුව තේ, රබර්, එළවළු, පළතුරු ආනයනය කරන ස්ථානය අද වන විට බොහෝ දුරට අතහැර දමන ස්ථානයක් බවට පත්ව තිබෙනවා. අප ලෝක බැංකු ආධාරය යටතේ මේ පෙත්මග ඞී.ආර්. විජේවර්ධන මාවතට සමාන්තරව ඉදිකළා. ඒවගේම අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් මෙහි තිබූ කුණු රොඩු වගේම ගිලී තිබූ යකඩ, කොන්ක‍්‍රීට් ඉවත්කර සෑහෙන දුරට අවසන් කර තිබෙනවා. ලබන වසරේ මැද භාගය වන විට මුළු බේරේ පරිශ‍්‍රයම වැව අයින දිගේ මීටර් හයහමාරක වපසරියක මන්තීරුවක් ඉදිකරන්න කටයුතු කර තිබෙනවා. මුළු දුර කි.මි. 6 ක් පමණ තිබෙනවා. දැනට හතරහමාරක් පමණ ඉවර කර තිබෙනවා. තව කිලෝමීටර් එකහමාරයි තිබෙන්නේ. ඒ අනුව මුලූ බේරේ වැව වටේටම ගමන් කිරීමේ පහසුව ලබන වසරේදී ලැබෙනවා.

ඒ වගේම රජය විසින් දශ ලක්‍ෂ හයසියයක් ආයෝජනය කරනවා බේරේ වැව යටින් තිබෙන රොන්මඩ තට්ටුව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ජනාධිපති කාර්යාලය අසලින් මුහුදට යවන්න. ඒ සඳහා වැඩකටයුතුත් දැන් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම දැනට කොළඹ නගර සභාවේ ඇතැම් ස්ථානවලින් බේරේ වැවට මලාපවහන පද්ධති එවනවා. ඒවා අපි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඇරෙන්න මෙහි ජිවත් වූ අති විශාල පවුල් ප‍්‍රමාණයකට නිසි නිවාස ලබාදී ඉවත් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලික අංශයේ ඉඩම් සඳහා අපි සැලසුමක් ලබාදී තිබෙනවා සංවර්ධනය කරන්න. රජය, වරාය අධිකාරිය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් අපි පොදු සැලසුමක අනුව දියුණු කරනවා. ඒ වගේම බේරේ ඞී.ආර්. විජේවර්ධන මාවත පැත්තෙන් තිබෙන ප‍්‍රදේශය ලබන වසරේ ආරම්භ වෙනවා මැනිං වෙළෙඳපොල ඉවත් වීමත් සමග ප‍්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරන්න.

ඒ වගේම සංචාරක කර්මාන්තයත් දැන් හොඳින් දියුණු වෙමින් පවතිනවා. අප මෙහි බෝට්ටු සේවාව ආරම්භ කිරීමෙන් පසුව සති අන්තයේ දිනකට එක්දහස් පන්සියයක්, දෙදාහක් පමණ එම සේවාව ලබනවා. මේ විට විවිධ පක්ෂීන් මෙම ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ වගේම නැවතත් දැන් බේරේ වැවේ ධීවර කර්මාන්තය පටන් ගෙන තිබෙනවා. ඒ කියන්නෙ බේරේ වැවේ නැවත ඔක්සිජන් තිබෙනවා කියන එකයි. අපේ පිරිසිදු කිරීමේ කටයුතු 50% ක් අවසන් වන විටම හොඳ තත්වයක් ඇති වී තිබෙනවා. අපි ලේක් හවුස් එක යටින් යන පෙත්මගක් නිර්මාණය කර තිබෙනවා දුම්රිය ස්ථානයට මෙන්ම කාර්යාල සඳහා යාමට. අපගේ දෙවන පියවර මෙවැනි බෝට්ටු සේවයක් පාර්ලිමේන්තුව අසල සිට වැල්ලවත්ත දෙසට සහ මේ දෙසට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපට තිබෙන එකම බාධාව පාලම් කිහිපයක් තිබෙනවා ඒ නිසා මුල් වටයේදී අපට සිදුවන්නේ තරමක පහත බෝට්ටු කිහිපයක් යෙදවීමට පමණයි. පාලම් සකස් කළාට පසුව හොඳ ජලමාර්ග ප‍්‍රවාහන පද්ධතියක් ඇතිවෙයි.

ඒ වගේම අපි නාගලන්වීදිය සිට තිබෙන ශාන්ත සෙබස්තියන් ඇළ පොම්පාගාරයක් සාදා තිබෙනවා. එම පොම්පාගාරය මගින් ගංවතුර තත්වයක් ආවොත් මුහුදට යවන්නත්, වියලි කාලගුණයකදී කැළණි ගඟේ වතුර ගෙනවිත් මෙම ඇළ මාර්ගය පුරවන්නත් පුළුවන්.

මීට ප‍්‍රථම 1988 දී එක්සත් ජාතික පක්ෂයේ අර්බුධයක් තිබුණා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේදී, නමුත් පේ‍්‍රමදාස මහතා අවසානයේදී ඇවිත් ජයග‍්‍රහණය කළා. ඊළඟට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුධයක් තිබුණා චන්ද්‍රිකා ද, අනුරද? සිරිමද කියලා. කට්ටියක් එළියට ගියා. හැබැයි චන්ද්‍රිකා මැතිණිය ජයග‍්‍රහණය කළා. ඒ වගේම 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට අපේක්‍ෂකත්වය දෙයිද? නැද්ද? දුන්නත් කකුලෙන් අදියිද? ඇතුළේ ගැටුමක් තිබුණා. වැඩ කළේ නැහැ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා දිනුවා. ඒ වගේ අභ්‍යන්තර ගැටුම් ජයග‍්‍රාහී පැත්තට ක්‍රියාත්මක වෙනවා. මොනවා උනත් පවුලක් විසින් උදේ තේ පැන් සංග‍්‍රහයේදී එකතු වෙලා රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතර පිරිසක් රටේ තීන්දු තීරණය ගැනීම රටටත්, රටේ ජනතාවටත් අනාගතයේදී හොඳ වේ ” යැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

 

 

Post Views: 1
Previous Post

රට ගොඩනැංවීමට සියළු දෙනා එක්විය යුතුයි – ජනපති

Next Post

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගමෙන් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක්

editor

editor

Next Post

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගමෙන් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved