27 April 2024
#දේශීය

රට ගොඩනැංවීමට සියළු දෙනා එක්විය යුතුයි – ජනපති

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් වාද බේදයෙන් තොරව රට ගැන හැඟීමකින් යුතුව රට ගොඩනැංවීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කන්තලේ, මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ (31) පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අභිමානවත් හා ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන අපේ රට එදා කෘෂිකර්මාන්තයෙන් සශ්‍රීක රටක් බවයි.

ඉදිරියට ද රට ගොඩනැංවිය හැක්කේ කෘෂිකර්මාන්තය පදනම් කරගනිමින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාලගුණික සහ දේශගුණික විපර්යාස අභියෝගයක් වුව ද නව සැලසුම් ඔස්සේ එම අභියෝග ජයග්‍රහණය කළයුතු බව ද කියා සිටියේ ය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තමන් සුවිශේෂ වැඩකොටසක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුූහුණදී සිටින ජල ගැටලුවට විසඳුම් සොයමින් වැව් ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ වැඩසටහනක් දියත් කළ අතර දිස්ත්‍රික්කයේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ඉලක්කය ඉදිරි මාස දෙක තුන තුළ දී සාර්ථකව අවසන් කෙරෙන බව ද සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *