• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා – නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා

25 February 2024
in දේශීය, පුවත්
රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා – නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (24) නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, “මෙතනට ඇවිල්ලා ඉන්න මේ ජන ගඟ නව සන්ධානයට ලබා දෙන ශක්තියට මුලින්ම මාගේ ස්තුතිය පුද කර සිටිනවා. අපේ වැඩසටහනට විශාල ශක්තියක් ලබා දෙන පිරිසක් තමයි මෙතන ඉන්නේ. මේ නව සන්ධානය පොරොන්දු දෙන තැනක් නෙමේ වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන ගමනක්. අවුරුදු 70 ක් මේ රට විනාශ වූනේ පොරොන්දු දීලා බලයට පත් වූ නිසයි. පොරොන්දු දීලා බලය ගත්තම පොරොන්දු ඉටු කරන්න සල්ලි ණයට ගන්න සිදුවුනා. නැතිනම් සල්ලි අච්චු ගහන්න සිද්ධ වුනා. පොරොන්දු ඉටු කරන්න සල්ලි නැහැ. ණය ගැනීම හා මුදල් අච්චු ගැසීම තුළ රට විනාශ වුනා. ඒ නිසා මේ නව සන්ධානයේ ප්‍රධාන අරමුණ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන එක. සත්‍ය කතා කරන එක, ජනතාවට යථාර්ථය අවබෝධ කර දීමයි. එහෙම නැතිව බොරු කියන එක නෙමේ. වේදීකාවක් වේදීකාවක් ගානේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරු ඇල්ලුවම ආර්ථිකය නැගිටනවා කියලා. හොරු අල්ලන්න 2015 FCID එක දාලා තිබුනා. අල්ලපු හොරෙක් නැහැ. නැවතත් ඒකමයි කියන්නේ. අනුර කුමාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ.

අනිත් පැත්තෙන් සජබ නායකතුමා පොරොන්දු දීගෙන දීගෙන යනවා. පොරොන්දු දෙන්න සල්ලි තියෙනවද ? සල්ලි නැහැ. මේ රටේ ආර්ථිකය හදන්න ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා හැර වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මැජික් වලින් හොයන්නත් බැහැ. ආර්ථික වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ වේදීකාවල කලාකරුවෙක් ගෙනල්ලා සින්දුවක් කීවම, නිළියක් ගෙනල්ලා සාහිත්‍ය කතාවක් කීවම ලොකු වැඩක් කියලා හිතනවා. ලගදී වේදිකාවේ කියනවා කාන්තාවෝ සීයයි. පියයුරු දෙසීයයි කියලා. මේ මොනවද කියන්නේ. කුණුහරුප කියන්නේ. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියනවා. පියයුරු පෙන්නගෙන කොළඹ ඉදන් ගාල්ලට ඇවිදින්න ඕනේ කියනවා. මේවා නෙමේ වැඩ. රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නයි ඕනේ.

සජබ කට්ටිය මොනවද කියන්නේ අපි ආවම දෙනවලු. තියෙනවනම් අපිත් දෙනවනේ. දෙන්න ඕන අයට දෙන්න ඕනේ. නුසුදුසු අයට දීලා හරියන්නේ නැහැ. සුදුසු අයට දෙන්න ඕනේ. එහෙම වුනොත් රටේ ආර්ථිකය හදන්න පුලුවන්. වැටුණු වලට රට නැවත ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. මිනිස්සුන්ට ඇත්ත කියලා, යථාර්ථය කියලා අපේ පැත්තට ජනතාව දිනාගන්න ඕනේ. එහෙම නැතිව රට ගොඩගන්න බැහැ. ඉස්සරහට රට ගෙනියන්නේ කොහොමද කියන එක තමා අපේ සන්ධානයේ ප්‍රධාන අභියෝගය. මාර්තු මාසයේදී මේ රටේ දැවැන්තම සන්ධානය ගොඩනැගෙනවා. වාමාංශික, ප්‍රගතිශීලී සියලුම ජනතාව මේ සන්ධානය වටා ඒකරාශී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ශ්‍රිලනිප, පොදුජන පෙරමුණ හා සජබ පාක්ෂිකයින්ට කියනවා අපි වටා ඒකරාශී වෙන්න කියලා. බොරු දේශපාලන පොරොන්දු නෙමේ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනවා.

අපි දැවැන්තම සන්ධානය හඳලා මැයි මාසය තුළ ලක්ෂ ගණනක් ජනතාව කොළඹට ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණට, සජබයට අභියෝග කරනවා පුලුවන්නම් ජනතාව ඒකරාශී කරන්න කියලා. අපි පටන් ගත්තා විතරයි. පළමු එක ජා ඇල තිබ්බා, දෙවැනි එක හයිඩ් පාර්ක්, තුන්වෙනි එක හම්බන්තොට, හතරවෙනි එක බදුල්ල. පස්වෙනි එක මොණරාගල තියනවා. මැයි මාසයේ ඉදන් ආසන 160 තුළ ජනතාව ඒකරාශී කරගෙන සන්ධානය වටා විශාල ජනතාවක් ඒකරාශී කරනවා. කයිවාරු ගැහැව්වට, මිනිස්සු අන්දලා, බොරු ටෝක්ස් දුන්නට ආර්ථිකය හදන්න බැහැ. ආදායම හොයන විදිය කියන්න ඕනේ. වියදම අඩු කරන ක්‍රමය කියන්න ඕනේ.

මිනිස්සු අන්දරේගේ කතා අහන්න ආසයි. අන්දරේ රජ කරන්න ගියේ නැහැ. අන්දරේ රජ කරන්නේ නැහැ. කයියනායකත් අන්දරේ වගේ තමයි. ඉන්දියාවට හිස නමා ආචාර කරන්න ඕනේ බුරන බල්ලෝ හීලෑ කරලා එව්වට. අවුරුදු 40 ක් දේශපාලන නායකයෝ හොඳ තීන්දු ගන්න ගියාම ඒ සියලු දේවල් කඩාකප්පල් කළේ කවුද ? ජනතා විමුක්ති පෙරමූණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ දැන් අවුරුදු 40 කට පස්සේ ඇවිල්ලා කියනවා ඉන්දියාව වෙනස් වෙලා තියනවලු අපිත් වෙනස් වෙන්න ඕනේ කියලා. මේ අයට අවුරුදු 40 – 50 ක් ගිය එදා නායකයෝ කියපු දේවල් පිළිගන්න. මේ අයට තව අවුරුදු 50 ක් යනවා දැන් අපේ නායකයෝ කියන දේ පිළිගන්න.

සමාජ මාධ්‍යවල අනුර කුමාරට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කියලා කියනවා. ඉන්දියාවට ගියාට පස්සේ දවස් 5 ක් තිස්සේ එක වචනයක් කතා කළේ නැහැ. ජා ඇල රැස්වීමේදී මම කීවා අනුර කුමාරට පුලුවන් Yes / No විතරයි කියලා. ඉන්දියාවට ගියාට පස්සේ No ත් බැහැ කියලා දැනගත්තා. ඉන්දීය සංචාරය තුළ එතුමා කිසිදු කතාවක් කරන්නේ නැහැ. සංචාරය කරපු දවස් 5 ට ජායාරූප විතරයි. ඉන්දියාව රෙකෝඩින් ඕෆ් කරලා. මොකද කතා කරන්න භාෂාව දන්නෙ නැහැ. කතාකරපුවා මෙහෙ දැම්මොත් තියෙන ජන්ද ටිකත් නැහැ. අපි එදා ඉදන් කීවා ඉන්දියාව එක්ක වැඩ කරන්න ඕනේ කියලා. මේ අය තමා කීවේ ඉන්දියාව එක්ක වැඩ කරන්න බැහැ කියලා. සාම්පූර් එකට විරුද්ධ වුනා. එට්කා එකට විරුද්ධ වුනා. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුනා. මිනිස්සු ඉන්දියාවෙන් බඩු ගෙනාවම ඝාතනය කළා. ගිනි තිබ්බා. එහෙම අතීතයක් තියෙන්නේ.

දැන් ඇවිල්ලා කියනවා ටෙන්ඩර් කළාට කමක් නැහැ. 50 – 50 දුන්නට කමක් නැහැ. ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ නිසා කොච්චර මිනිස්සු මැරුනද ? හැබැයි දැන් තේරිලා තියෙනවා අවුරුදු 50 කට පස්සේ 50 – 50 හොඳයි කියලා. තව අවුරුදු 50 කින් තමා තේරෙන්නේ ලෝකයේ ඉන්න හොඳ ව්‍යාපාරිකයෝ ගේන්න නම් අපි රටවල් එක්ක තරඟ කරන්න ඕනේ කියලා. ඒ තාක්ෂණය ගේන්න සහය දෙන්න ඕනේ. නැතුව ලංකාවට එන්නේ නැහැ. තව රටවල් තියෙනවා ඒ අයට තෝර ගන්න. ඒක තේරෙන්නෙ නැහැ මේ අයට. තව අවුරුදු 50 ක් යනවා ඒ දේවල් තේරෙන්න.
ජවිපෙට වැඩපිළිවෙළක් නැහැ. කයියනායකලට වැඩපිළිවෙළක් නැහැ. බොරු කාරයින්ට වැඩපිළිවෙළක් නැහැ. ජෝක් කාරයින්ට රටවල් හදන්න බැහැ. මේ රට හදන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනේ. බොරු රැලි වලට අහුවෙන්න එපා.

අපි රටට පණිවුඩක් දෙනවා මේ සන්ධානය ඉදිරියට යන්නේ වැඩපිළිවෙළක් එක්කයි. අපි බොරු කියන්නේ නැහැ. ඇත්ත ජනතාවට කියනවා. සත්‍ය කියනවා. යථාර්ථය ජනතාවට අවබෝධ කරලා දෙනවා. මිනිස්සු අපි කියන දේ අහන්නේ නැතිව වෙන කණ්ඩායමක් ගෙනාවත් මාස තුනයි, හයයි තියෙන්නේ. මිනිස්සු ගල් ගහලා එලවනවා කියලා ලියලා තියාගන්න. ඒකට පූර්වාදර්ශයක් තියෙනවා.

අනුර කුමාරට බලයට එන්න බැහැ. ඒකනේ වැඩපිළිවෙළක් කියන්නේ නැත්තේ. බලයට එනවනම් වැඩපිළිවෙළ කියනවනේ. මොකද ඒ අයට ඕනේ හැමදාම විරෝධතා දක්වන්න. විපක්ෂනායකධුරය. ඒකනේ වැඩපිළිවෙළක් කියන්නේ නැත්තේ. සජිත්ටත් ඕනේ විපක්ෂ නායක ධූරය. නාමල් රාජපක්ෂටත් ඕනේ විපක්ෂ නායකකම. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ තුන් දෙනා විපක්ෂනායකකමට හැප්පෙනවා. මේ අය බලය ගන්න ඕනේ නම්, ජනාධිපතිධූරය ගන්න ඕනේනම් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න ඕනේ.” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 19,567
Previous Post

පාඨලියේ එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට පිලිගන්වයි

Next Post

අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්

editor ttvnews

editor ttvnews

Next Post
අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්

අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved