• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාඨලියේ එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට පිලිගන්වයි

24 February 2024
in දේශීය, පුවත්
පාඨලියේ එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට පිලිගන්වයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි. ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බවයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එක්ව සිටියහ.

Post Views: 14,294
Previous Post

නව සන්ධාන දෙවන රැළියට සහය පළ කරමින් හයිඩ් පාර්ක් පිටිය ජනතාවගෙන් පිරී යයි.

Next Post

රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා – නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා

editor ttvnews

editor ttvnews

Next Post
රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා – නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා

රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා - නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ  විශේෂ සාකච්ඡා

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ විශේෂ සාකච්ඡා

14 October 2026
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

14 October 2026
අකුසලතා ලකුණු ක්‍රමවේදය හරහා ලකුණු 30 ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රය වසරකට අවලංගු වෙනවා

අකුසලතා ලකුණු ක්‍රමවේදය හරහා ලකුණු 30 ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රය වසරකට අවලංගු වෙනවා

14 October 2026
සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණු ඩෙංගු එන්නත තවමත් ලංකාවට ගෙනත් නැහැ

සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණු ඩෙංගු එන්නත තවමත් ලංකාවට ගෙනත් නැහැ

14 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ  විශේෂ සාකච්ඡා

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ විශේෂ සාකච්ඡා

14 October 2026
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

14 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved