මෙරට ළමුන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනුව අනාවරණය වී තිබේ.
අදාළ වාර්තාව කාරක සභා සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා වෙනුවට කමිටු සාමාජික රෝහිණී විජේරත්න මහත්මිය ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ලක්ෂ 17ක් වන පාසල් ප්‍රාථමික දරුවන් සඳහා සහ පූර්ව ළමා අවධි සංවර්ධන මධ්යාස්ථානවල ළමුන්ට ආහාර ලබා දෙන බවත් ඉදිරියේදී 08 ශ්‍රේණියෙන් පහළ දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමට අයවැය හරහා යෝජනා කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
2023 ජුනි මස පෝෂණ මාස තක්සේරුවෙන් පසු, දිවයින පුරා මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන් (PHM) වෙත ලියාපදිංචි වී සිටි වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් 96.5%ක පිරිසක් ඇගයීමට ලක්කර ඇත. ඒ අනුව අඩුබර (වයසට අඩු බර) ළමුන් 17.1%ක්, කෘෂ වූ (දිගට අඩු බර) ළමුන් 10%ක් සහ මිටි වීම (අඩු දිග/උස, වයස සඳහා) ලක්වූ ළමුන් 10.3%ක් හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.