භික්ෂු පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සංවිධානය කරන ලද ‘සාමය සඳහා වූ පා ගමන’ අප්‍රේල් 22 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ ආගමික මෙහෙවරක් ඉටු කිරීමට සැලසුම් කර ඇත. අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත ළඟා වන මෙම පා ගමන අවසානයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකින් පැවත එන බෝධි අංකුරයක් අමෙරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවනු ලැබේ.
නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කරවන මෙම බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අමෙරිකාවේ සිට පැමිණි මහා සංඝරත්නය වෙත නිල වශයෙන් පූජා කිරීමට නියමිතය. මෙම බෝධි අංකුරය සහ සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් හි පිහිටි Hương Đạo විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවනු ලබන අතර මැයි 2 සිට 10 දක්වා එහි පැවැත්වෙන වෙසක් සැමරුම් උත්සවයේදී විශේෂ ප්‍රදර්ශනයක් සඳහා තැන්පත් කිරීමට ද කටයුතු යොදා තිබේ.














