• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන වසරේ ජූනි මාසය වන තුරු ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක

20 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා “ පසුගිය කාලයේ අපේ රට දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටියා. රටේ ඉන්ධන පෝලිම් ඇති වී තිබුණා. ඒ වගේම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධනවල පවා හිඟයක් පැවතුණා. ඒ හමුවේ රට පැවතුනේ අසීරු තත්ත්වයකයි. නමුත් අප ඉතා කෙටි කාලයකින් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සමත් වුණා. 2022 ජනවාරි මාසය සැළකීමේ දී එය ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සාපේක්ෂව අඩු වූ මාසයක් ලෙස දැක්විය හැකියි. එහිදී බොර තෙල් බැරලයක මිල සදහන් වුණේ ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙසයි. නමුත් ඊළග මාස කිහිපයක් තුළ එය ඇමෙරිකානු ඩොලර් 65ක් දක්වා වැඩි වුණා. ඒ වගේම රුසියානු – යුක්‍රේන යුද්ධය ඇතුළු විවිධ හේතු මත තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගියා. නමුත් පසුව එය ඩොලර් 80ක් දක්වා අඩු වුණා. 2022 ජනවාරි මාසයේ සිට මේ ආකාරයට ක්‍රමයෙන් ඉහළ ගිය බොර තෙල් මිල වසර එකහමාරකට පසු මේ වසරේදී තරමක් පහළ ගියා. විශේෂයෙන්ම මේ මස පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 4%කින් පමණ අඩුවී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් යම් සහනයක් ලැබීමට අපට ලැබුණු දුර්ලභ අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට තිබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය ඉන්ධන නිෂ්පාදනය කරන හෝ ලෝක වෙළෙඳපොළට ඉන්ධන බෙදාහරින රටවල් නොවූවත් මතුව ඇති තත්ත්වය හමුවේ ඉරානය ද මැදිහත්වීමක් සිදු කිරීමට යන බවක් පෙන්නුම් කරනවා. පවතින මෙම ආතතිමය තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධ විශ්ලේෂණයක් සිදු කිරීම ඉතා අපහසුයි. ගාසා තීරයේ ගැටුම් ආරම්භ වීමෙන් පසුවත් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනයට බාධාවක් වුණේ නැහැ. අප දැනටමත් ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන සැපයුම සඳහා ටෙන්ඩර් ලබාදී අවසන්. එම නිසා ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවීමේ අවධානමක් නැහැ. නමුත් අවිනිශ්චිතතා ඇති විය හැකියි. ඒ වගේම මෙරටට ඉන්ධන සැපයීම සඳහා චීනයේ සිනොපෙක් (Sinopec) ඇතුළු තවත් සැපයුම්කරුවන් තිදෙනෙකුට අවසර දී තිබෙනවා. මේ වන විට සිනොපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. එම නිසා මාසයකට ඩොලර් මිලියන 40ක පමණ විදෙස් විනිමයක් ඉතිරි කිරීමට හැකි වී තිබෙනවා. වාර්ෂිකව සැලකීමේ දී ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමය ප්‍රමාණයක් මේ හරහා රටට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. මේ තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඩොලර් සංචිතයට පැවති අවදානම අවම කර ගැනීමට ද ඉවහල් වී තිබෙනවා. එහි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම පළමු වතාවට අපි තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 200 ක සංචිතයක් පවත්වාගෙන යන බවත් සඳහන් කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

නොරොච්චෝලේ හා කල්පිටිය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමේ තීරණයක් – කෘෂිකර්ම අමාත්‍යංශය

Next Post

ලිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සීටි සිවු දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ලිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සීටි සිවු දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved