• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරාය වැඩවර්ජනය අවසන්

3 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී ඇති අතර ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ වරාය වෘත්තීය සමිති  අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

එහිදී  චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමට අග්‍රාමාත්‍යවරයා එකගව ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ  වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මෙසේ  පැවසීය.

“මම හිතන්නේ වෘත්තිය සමිති ඉතිහාසයේ අරගලයකින් ජයග්‍රහණය ලබාගත් සංධිස්ථානයක් ලෙස අපිට මෙය දකින්න පුළුවන්. අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා රජයේ වෘත්තිය සමිතිය හැටියට අපගේ ආයතනය ආරක්ෂා කරගැනීමට හැකි වීම ගැන.මෙම සාකච්ඡාවේදි අපිට අග්‍රාමාත්‍යවරයා සමඟ කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න හැකි වුණා. අගමැතිතුමා එක්ක කථා කළොත් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබ්බා.එම සාකච්ඡාව සඳහා අපිට පාර කපලා දුන්නේ සුමිත් විජේසිංහ මහතා.අපි සිදු කළ කැප කිරීම වෙනුවෙන් සහය දැක්වූ වෘත්තිය සමිති  ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා.අපේ සටන අවසන්. අපේ සටනේ ජයග්‍රහණය අපි ලබාගත්තා.අද මෙතැනට වරයා අධිකාරියේ සමස්ත වෘත්තිය සමිති සියල්ල ආවා.වෘත්තිය සටන් වලට නව පණක් ලබාදීම සම්බන්ධයෙන් අපි අගමැතිතුමාට ස්තූතිය පළ කරනවා”

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වරාය සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ,

“නැගෙනහිර පර්යන්තය  සම්බන්ධව පැවැති ගැටළුව අද දිනයේ යම් ප්‍රමාණයකින් නිරාකරණය කර ගැනීමට හැකිවුණා. ඒ වගේම වෘත්තීය සමිති වල බලාපොරොත්තුව තිබුණේ නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරවීම සඳහා වූ ක්‍රියාවලිය දක්වා යෑමටයි. දැන් වෙනකොට නැගෙනහි පර්යන්තයට ගැන්ට්‍රි දොඹකර තුනක් ගෙනල්ලා තියෙනවා. ඒදොඹකර ගොඩ බෑම සඳහා අවසරයක් නැතුව තිබිලා ඒකට විශාල ගාස්තු ප්‍රමාණයක් ලබා දෙන්න වෙලා තිබෙනවා.   සේවකයෝ තුන්දෙනෙක් දොඹකර උඩ නැගලා විරෝධතාවයක එක්ක ඉන්නවා. මේ සේවකයන් තුන්දෙනාගේ  ජීවිත වලට අනතුරක් තිබුණා. මේ සම්බන්ධව අපි ඇමතිතුමා එක සාකච්ඡා කළා. ඇමතිතුමාගේ සාකච්ඡාවේදී විසඳුමක් ගන්න බැරි වුන නිසා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදුකළා. එහිදී අපට සාධනීය පිළිතුරක් ලබා ගැනීමට හැකිවුණා. එකේ එක් පියවරක් ජයග්‍රහණය කලා. ඒ පියවර තමයි ගැන්ට්‍රි දොඹකර පර්යන්ත ගත කිරීම සඳහා අපට අවසර හමුවුණා. ඒ අවසරය ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කලා. එහි දෙවන පියවර විදිහට  ගැන්ට්‍රි දොඹකර ක්‍රියාත්මක කරවීම සඳහා වූ ක්‍රියා මාර්ගය වෙත අවතීර්ණ වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි පළවෙනි පියවර ජයග්‍රහණය කරලා තියෙනවා. දෙවැනි පියවර ඉදිරියේ දී ජයග්‍රහණය කිරීම සඳහා අපි සියලුම වෘත්තීය සමිති එකතුවෙලා ඒ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරලා තීරණයකට එන්නත්, පර්යන්තය ක්‍රියාත්මක පර්යන්තයක් බවට පත් කරන්නත් කටයුතු කරන්න සූදානම්.“

වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මානගේ,

“වරායේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සේවක සංගමයේ සංගමයේ සභාපතිවරයා වශයෙන් අපි බොහොම සතුටු වෙනවා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරලා නැගෙනහිර පර්යන්තයේ ග්‍රැන්ට්‍රි දොඹකර සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම පිළිබඳව. අපි දවස් 12ක් තිස්සේ වරාය තුළ විශාල විරෝධතාවයක් අරන් ගියේ මේ ග්‍රැන්ට්‍රි දොඹකර  තුන නැගෙනහිර පර්යන්ත‍යේ ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන්. ඒ වෙනුවෙන් අපි නොයෙකුත් විරෝධතා කලා. අපේ සේවකයෝ තුන් දෙනෙක් උඩ නැගලා විරෝධතාවක් දැක්වූවා. අපි ඊයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.අමාත්‍යජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ මැදිහත්වීම මත අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා සහ  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මැතිතුමා මැදිහත් වෙලා අපිට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරල දුන්නා. බොහොම සුහද සාකච්ඡාවක් මේ අවස්ථාවේදී  නිමාවට පත් වුණා.“

Post Views: 4
Previous Post

ජන්ද ලකුණු – මනාප අංක සහිත මුහුණු ආවරණ පළඳින්න එපා – පොලිසිය

Next Post

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සාමාන්‍ය පරිදි

editor

editor

Next Post

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සාමාන්‍ය පරිදි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved