27 April 2024
#Uncategorised

ජන්ද ලකුණු – මනාප අංක සහිත මුහුණු ආවරණ පළඳින්න එපා – පොලිසිය

දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්  ප්‍රවර්ධනය සඳහා මැතිවරණ ලකුණ, අංකය, අපේක්ෂක නම ආදිය මුද්‍රණය කර ඇති මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි මුඛ ආවරණ පැළඳීමෙන් වලකින ලෙසය.

එවැනි ප්‍රචාරණයක් සිදුවේ දැයි පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය  පවසන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් එකම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් පැමිණිලි ඉදිරිපත් වන බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *