8 September 2024
#දේශීය

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි – සජිත් ඉල්ලයි

කොරෝනා වෛසරය හේතුවෙන් ලෝකයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේද මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ස්වභාවයක් ඇති හෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ පවතින භයාංකාර තත්ත්වය හමුවේ රට ගැන සිතා ජනතාවට ප්‍රමුඛතාවයක් ලබා දී කිසිදු දේශපාලන වාසි හෝ අවාසි දෙස නොබලා මේ ගැන කටයුතු කළ යුතු බවයි.

එසේම ගත යුතු ක්‍රියාමාර්ග සඳහා විපක්ෂයක් වශයෙන් උපරීම සහාය දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *