• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා – ඇමැති ශෙහාන්

12 February 2024
in දේශීය, පුවත්
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සෙනසුරාදා (10) දින සහභාගී වෙමිනි. උතුරු මැද පළාත් ආණ්ඩුකාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණි.

රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙම වසර තුළ මෙම ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා නතර වී තිබූ නිවාස ණය සහ ආධාර වැඩසටහන් යළි ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා “ඉඩම් හිමිකම ලබා දෙනවිට මතු වූ ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් පසුගිය කාලයේ තිබ්බේ නෑ. 1980/90 වසරවලදී ජාතික නිවාස අධිකාරියෙන් හිමි වූ නිවාසවල හිමිකම නිරවුල් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. අපේ දිස්ත්‍රික්කයේ බහුතරයක් ජනතාව මේ ඉඩම් හිමිකම නොමැති නිසා ගැටළු රැසකට පත්ව තිබෙනවා. ජනාධිපතිතුමා සියළු අමාත්‍යාංශ කැදෙව්වා. විශේෂයෙන් ඉඩම් අමාත්‍යාංශය කැදවා හිමිකම් ඔප්පු ලබා දීමට අවශ්‍ය නීති රීති වෙනස් කරන්න නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගෙන එය ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. එතැනදී අපි විශ්වාස කළේ කොළඹ මහල් නිවාස සඳහා පමණක් මේ ඉඩම් අයිතිය ලබා දෙන්න කටයුතු කරයි කියලා. මහල් නිවාස වලට පමණක් හිමිකම් ඔප්පු ලබා දීම සීමා නොකර අපේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඉඩම් අයිතිය සහ නිවසේ අයිතිය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රසන්න රණතුංග ඇමතිතුමාටත්, තේනුක විදානගමගේ රාජ්‍ය ඇමතිතුමාටත් අපි ස්තූතිවන්ත වෙනවා. මේ වැඩසටහන මඟින් මේ රටේ බහුතර ජනතාවට තිබෙන ගැටළුවට විසදුමක්.
මෙරට ඇතිවූ ආර්ථික පසු බෑමත් සමඟ පසුගිය කාලයේ ආරම්භ කර ක්‍රියාත්මක කළ නිවාස ආධාර වැඩසටහන් නතර වී තිබුණා. අපිට වසර එකහමාරක කාලයක් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බැරි වුණා. වර්තමාන රජය මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය සහ අනෙකුත් අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව නිවාස ආධාර හා බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් පිළිබඳව සැලසුම් සකස් කළා. ප්‍රමාණවත් අදායමක් ලබා ගන්න නව න්‍යාය පත්‍රයකට කටයුතු කළා. ඒ අනුව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආරම්භ කරපු එවකට නතර වී තිබුණ නිවාස ආධාර නිවාස ව්‍යාපෘතියේ ඉතිරි මුදල් නිදහස් කිරීමට අවශ්‍ය ප්‍රමුඛතාවය ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. දැනට පවතින පොලී අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයකට නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වීමෙන් ජනතාවට තමන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා. ණය ලබා ප්‍රතිලාභීන් ඒ ලබා ගන්න මුදල් සැබැවින්ම තමන්ගේ නිවාසය ඉදිකර ගැනීමට යොදා ගනියි කියලා අපි විශ්වාස කරනවා. ආර්ථික අර්බුදයෙන් නැවත ස්ථාවර වීමට අපිට ගත වූයේ වසරක් වැනි කුඩා කාලයක් පමණයි. ඉතිහාසයේ ආර්ථික අර්බුද වලින් කඩන් වැටුණ විදෙස් රටවල් එක්ක සංසන්ධනය කරද්දී කෙටි කාලයක් තුළ අපි ස්ථාවරත්වයකට පැමිණියා. සමාජීය සහ දේශපාලන අස්ථාවරභාවයකුත් ඇති වී තිබූ මොහොතක මෙවැනි නැගිටීමක් කළ වෙනත් රටක් නෑ. එතැනදී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මේ රටේ ජනතාව විශාල සහයෝගයක් ලබා දුන්නා. ජනතාවට විවේචනයක් තිබ්බා. අපි ගත්ත තීන්දු නිසා අපහසුතාවයට පත්වුණා. කිසියම් වේදනාකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. එය විඳදරාගනිමින් දිර්ඝකාලීනව ආර්ථිකය යහපත් කර ගැනීම සඳහා මේ රටේ ජනතාව සහයෝගය දැක්වුවා. එම සහයෝගයේ ප්‍රතිපලයක් තමයි මීට මාස 18ක පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා ධනාත්මක හොඳ ආර්ථික මට්ටමක් වර්තමානයේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේක තවදුරටත් ශක්තිමත් වීමක් සිදුවනවා මිසක් ආපස්සට ගමන් කිරීමක් මේ වැඩපිළිවෙල තුළ සිදුවන්නේ නෑ. මේ වනවිට ප්‍රතිසංස්කරණ රැසක් රට තුළ සිදු වෙනවා. ආර්ථිකයේ ප්‍රතිලාභ පහළ මට්ටමට ගලා යන ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වයෙන් හා අපහසුතාවය ක්‍රමානුකූලව ඉදිරියේදී පහව යන බවට අපි විශ්වාසය පළ කරනවා. පෙබරවාරී මාසයේ 15 වැනිදා අස්වැසුම සඳහා අලුත් ඉල්ලුම්පත්‍ර කැඳවීම සිදු කරනවා. ඒ සඳහා සුදුසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අවශ්‍යට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස මා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන්ද ඉල්ලීමක් කර සිටිනවා. පළවෙනි වර අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී එම වැඩසටහනට ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභාව සම්බන්ධ කර ගන්න බැරි වුණා. අවුරුදු 28ක් තිබුණ ක්‍රමවේදයන් වෙනස් කළ නිසා අපිට දැන් ඔවුන්වත් මෙයට සම්බන්ධ කර ගත හැකියි. ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභාවේ නිලධාරින් සියළු දෙනා දැනුවත් කර සුදුසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න අප කටයුතු කරනවා. එතැනින් පසු දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සහතික කිරීම සිදු කළ පසු ජූනි මාසය වෙද්දී වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 සිට ලක්ෂ 24 දක්වා වැඩි කර තිබෙනවා. ” යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති එම්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගවේෂ සනිරත්න, සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, දිස්ත්‍රික් කළමනාකරු ජේ.ඒ.ඒ. ප්‍රසන්න, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 7,490
Previous Post

හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

Next Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ආරම්භ කරයි

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාව සහ ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ආරම්භ කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved