27 April 2024
#දේශීය #පුවත්

හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) අලුයම ඉන්දියාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ. මෙම විදේශ ගමන සම්බන්ධයෙන් කිසිවෙකුට නොදන්වා ඇති බව වාර්තා වේ.

එමෙන්ම සිරිසේන මහතා ඉන්දියාවේන් ඇමෙරිකාවට පිටත්ව යන බවත් 15 වනදා දින අමෙරිකාවේ විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන කරයි.

මේ සංචාරය සම්බධයෙන් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා යම් පෙරළියක් සිදු කිරීම සඳහා සුදානමක් ඇති බවයි.

මෙම සංචාරය කුමක් සඳහාද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති අතර මේ පිළිබඳ දේශපාලන කේෂ්ත්‍රයේ පිරිස් විශේෂ අවධානයක් යොමුව ඇති බව දැනගන්ට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *