• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරනවා – ඇමැති හරින්

15 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩනැඟිමට ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ අද සංචාරක ක්ෂේත්‍රයේ ද පිබිදීමක් දක්නට ලැබෙනවා. එදා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයන් අතර, නොබියව එම අභියෝගය භාරගත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි. සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම මෙරට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකියි. මීට වසරකට පෙර සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා අද ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ නිහතමානී සතුටක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අප එය තවත් ප්‍රවර්ධනය කළ යුතුයි. ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්. නමුත් මෙම සුන්දර රටේ වටිනාකම කිසිවෙකු තවම තේරුම්ගෙන නැහැ. ඒ වගේම මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ. අද මේ රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ මේ රට පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතුයි. නමුත් අද තනි පුද්ගලයෙකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා. සංචාරකයන්ට සුන්දර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුව තිබෙනවා. මෙරට සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද අපේක්ෂා කරනවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා. සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වගේම සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමට අප කටයුතු කරනවා. ආණ්ඩු සහ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍යයි. අමාත්‍යවරයා වෙනස් වුණා කියා රටේ සංචාරක ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සකස් කළ නව සංචාරක ප්‍රතිපත්තිය අප කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අප ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරනවා. මෙතෙක් අපට තිබූ අභියෝගය වූයේ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනිමයි. ඒ වගේම ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ සංචාරක කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ සේවය කරන්නන් පළමු සේවා සහතිකය ලබා ගත් විගසම විදෙස් රැකියා සඳහා පිටත්ව යනවා. පසුව සිදු කෙරෙන්නේ ඒ වෙනුවෙන් වෙනත් අයෙකු බඳවා ගැනීමයි. මේ තත්ත්වය මෙරට හෝටල් ක්ෂේත්‍රයේ විශාල ගැටලුවක් ලෙස මම දකිනවා. එය ඇතුළු ක්ෂේත්‍රයේ තිබෙන අනෙකුත් ගැටලු විසදීමට අප කඩිනමින් පියවර ගන්නවා. සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සම්බන්ධයෙන් විවෘත කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා. කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් තුළින් හොඳම කෙටි චිත්‍රපට 10 තෝරා ගෙන ඔවුන්ට මූල්‍යමය ත්‍යාග ලබා දීමට, මෙන්ම ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමටත් කටයුතු කරනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් හිල්ටන් හෝටල් සමූහයේ අතිසුඛෝපභෝගී හෝටලය එළැඹෙන 19 වනදා යාල ප්‍රදේශයේ දී ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි. ඒ හා සමගාමීව සංචාරක ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ද දියත් කිරිමට සැලසුම් කර තිබෙනවා යැයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

සීගිරිය සංචාරක කලාපයේ වැඩිදියුණු කිරීමට ඇමරිකන් ඩොලර් මිලියන 15ක් – නාගරික සංවර්ධන අමාත්‍යංශය

Next Post

2025 වනවිට ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා – ඇමැති බන්දුල

editor

editor

Next Post

2025 වනවිට ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved