වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තීයන්ගේ සේවාවේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක් මගින් උපාධිය ලබා ඇති පහත සදහන් සුදුසුකම් ලත් අය සදහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව,
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව වෛද්‍ය රසායනාගාරවේදී (B.Sc.MLS) උපාධිය සම්පුර්ණ කළ
ඖෂධවේදී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව ඖෂධවේදී (B.Pharm), විද්‍යාවේදී (ඖෂධවේදී) (B.Sc.Pharmacy) උපාධිය සම්පූර්ණ කළ,
විකිරණ ශිල්පී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව විකිරණ ප්‍රතිකාරවේදී (B.Sc.Radio Therapy), විකිරණ විද්‍යාවේදී (B.Sc.Radio Graphy) උපාධිය සම්පූර්ණ කළ,
භෞත චිකිත්සක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව භෞත චිකිත්සකවේදී (Bachelor in Physiotherapy), විද්‍යාවේදී (භෞත චිකිත්සක) (B.Sc. Physiotherapy) උපාධිය සම්පූර්ණ කළ,
වෘත්තීය චිකිත්සක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව භෞත චිකිත්සකවේදී (Bachelor in Occupational Therapy), (විද්‍යාවේදී වෘත්තීය චිකිත්සක) B.Sc. in Occupational Therapy) උපාධිය සම්පූර්ණ කළ,
උපාධිධාරීන් හට ඉහත අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා අයදුම් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටින අතර, 2021.06.25 දිනට පෙර ඊට අදාල අයදුම්පත් යොමු කළ යුතු බවත් ඉහත බඳවා ගැනීමට අදාල වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021.06.11 වන සිකුරාදා දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේය.