27 April 2024
#දේශීය

ශානි අබේසේකර ඇප මත මුදා හැරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කර ඇත.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණු අතරම පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *