• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛරසය පාලනයේදී ජන ජිවිතයට බාධාවක් නොවිය යුතුයි – එජාපය හා ජනපති

1 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය හෝ මීට පෙර වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින් හෝ හඳුනාගැනීමත් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉමහත් පිටිවහලක් වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිළි කළේය. දිවයිනේ හඳුනාගත් පවුල් හැට පන් ලක්ෂයෙන්, පවුල් පනස් තුන් ලක්ෂයකට අප්‍රේල් මස 09 වන දිනට පෙර රුපියල් 5,000/- බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වෛරසයේ ව්‍යාප්තිය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාමාන්‍ය ජන ජිවිතයට ඇති විය හැකි බාධා අවම වන අයුරින් සිදු විය යුතුය යන්න දෙපාර්ශ්වයේම මතය විය. වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතු බවට දෙපාර්ශවයම එකඟ වූහ. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාම මෙන්ම රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාව මෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිතර වු පිරිස් මුහුණ දී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳවත් දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.

වෛද්‍යවරු, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද දෙපාර්ශ්වයේම ඇගයීමට සහ ප්‍රසාදයට ලක් විය. සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වූ අතර පැය දෙකකට අධික කාලයක් සිදු වූ සාකච්ඡාව ඉතා සුහදශීලිව සහ සාර්ථකව පැවැත්විණි.

රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උප නායක රවී කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල සහ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ද මීට එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි

Post Views: 3
Previous Post

කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය

Next Post

ශක්තීමත් දේශිය නිෂ්පාදනයක් ඇති කිරීමට ආනයනික භාණ්ඩ අත්හිටුවයි

editor

editor

Next Post

ශක්තීමත් දේශිය නිෂ්පාදනයක් ඇති කිරීමට ආනයනික භාණ්ඩ අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved