• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා

3 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සැමට පොදු වූ තර්ජනයක් වන ගෝලීය ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක නිරත ඊයේ (02) දින මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙරට නායකයන් දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

එම ඒකාබද්ධ ප්‍රකාශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය ” මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉතා ඵලදායී වූ බව සඳහන් කළ යුතුයි. අපගේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. දෙරට අතර මෙතෙක් පැවැති සබඳතා තවදුරටත් සමාලෝචනය කරමින් ඉදිරියට යාමට අප අදහස් කරනවා. දෙරට අතර විධිමත් සබඳතා වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳව ද අප මෙහිදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකම පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයකයි. එම පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් එයින් දෙරටේම ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. ඒ තුළින් දෙරටේම ආර්ථිය තව තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෑත යුගයේ දී අප දෙරටේම ඒක පුද්ගල ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබෙනවා. නමුත් අප දෙරටටම පොදු වූ ප්‍රශ්න රැසක් තවමත් ඉතිරි වී තිබෙනවා. එම ප්‍රශ්න විසදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර‍ ගණනාවක් පවතින බව කිව යුතුයි. මාලදවයින් රජය සමග අපගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මාලදිවයිනේ දියුණුව වෙනුවෙන් ද උදව් උපකාර කිරීමට අපට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ සේවා රැසක් මාලදිවයින් රජය වෙත ලබා දීම සඳහා අප මෙම සංචාරයේ දී එකඟතාව පළ කරනු ලැබුවා. ඒ අනුව මාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

එමෙන්ම මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන අතර ඒ සඳහා අවශ්‍ය ආයතනයක් මාලදිවයිනේ පිහිටුවීමටත්, ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් ලබාදීමටත් අප සැලසුම් කරමින් සිටිනවා. එම ආයතනය මගින් මාලදිවයිනේ පුහුණු මානව සම්පත තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාව ද සැලසෙන බව කිව යුතුයි. ග්‍රාමීය මට්ටමේ සිටම ක්‍රියාත්මක වන විධිමත් සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා සම්බන්ධයෙන් පවතින සීමාවන් තවත් ලිහිල් කිරීමටත් අප මේ සංචාරයේ දී තීරණය කරනු ලැබුවා. මේ තීරණයත් සමග මාලදිවයින් සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා වන පහසුකම තව තවත් පුළුල් වන බව කිව යුතුයි. ශ්‍රී ලංකාව යනු මාලදිවයින් ජනතාවගේ “දෙවැනි ගෙදරයි”. අතීතයේ සිටම එම සබඳතා නොනැසී පවත්වා ගන්නට අපට හැකියාව ලැබුණා. දෙරට අතර අනවශ්‍ය පරිදි වීසා කොන්දේසි පැනවීමට අප කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මාලදිවයිනේ රැකියාවල නිරත වෙනවා. එමෙන්ම මාලදියින් ජනතාව ද අධ්‍යාපනය ලැබීම සඳහා මෙන්ම විවිධ රැකියා සඳහා ද ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මාලදිවයින් සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවශ්‍යතා ලබා ගැනීමේ පහසුකම තවත් පුළුල් කිරීමට අප තීරණය කළා. එමෙන්ම ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන ආයතන මාලදිවයිනේ පිහිටුවීම සඳහා පවතින ඉඩකඩ පිළිබඳව ද අප සොයා බලමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිතුමන් ද දැඩි උනන්දුවකින් කටයුතු කරන බව එතුමා සමග පැවැති සාකච්ඡාවේ දී අපට පැහැදිලි වුණා. ඒ අනුව එම කටයුතු ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව මම විශ්වාස කරනවා. දෙරට අතර වෙළෙඳ කටයුතු, ආර්ථික සහයෝගීතාව, සමාජීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ද මමත්, මාලදිවයින් ජනාධිපතිතුමාත් අතර පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඉතා ඉක්මනින් එම සාකච්ඡාවල ප්‍රගතිය දැක ගැනීම අප දෙදෙනාගේම අරමුණයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අසල්වැසි රටක් ලෙස මාලදිවයින අප රජය සමඟ අත්වැල් බැඳ ගත්තා. එම ප්‍රහාරය සිදු වී දින කිහිපයක් ඇතුළත මාලදිවයින් ජනාධිපතිතුමන්ගේ නියෝජිතයෙකු ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ අපට ලබාදුන් සහයෝගය කිසි විටෙක අමතක කළ නොහැකියි. මෙම ගෝලීය ත්‍රස්තවාදය අප සැමට පොදු වූ තර්ජනයක් බව සඳහන් කළ යුතුයි. අප එක්ව එම තර්ජනයට මුහුණදිය යුතුව තිබෙනවා. ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද දෙරටටම පොදු වූ තර්ජනයක් වී තිබෙනවා. ඒ සඳහා ද අප එකට එක්ව විසඳුම් සෙවිය යුතු බව මගේ හැඟීමයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ” ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික මෙන්ම සමාජ සබඳතා ලිඛිත ඉතිහාසයටත් වඩා ඈතට දිව යනවා. මාලදිවයිනේ සෞඛ්‍ය, අධ්‍යාපන, තරුණ කටයුතු, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන නොමද සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින මේ යුගයේ දී ලබා ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව අප මෙහිදී සමාලෝචනයට ලක් කළා. ඒ අනුව ඉදිරි කටයුතු වඩාත් ශක්තිමත් සහයෝගීතාවකින් සිදු කිරීමට හැකි වනු ඇති බව මගේ හැඟීමයි. ශ්‍රී ලංකාවේ ජනතාව මාලදිවයිනේත්, මාලදිවයිනේ ජනතාව ශ්‍රී ලංකාවේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයමින් සිටින බව කිව යුතුයි. එම දායකත්වය ඉදිරියටත් තව තවත් වර්ධනය කර ගනිමින් දියුණුව කරා යාම අපගේ අරමුණයි.

 

Post Views: 4
Previous Post

ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

Next Post

ගෙම්බෝ වගේ එහාට මෙහාට පනින්නේ රට ගැන හිතන අය නෙමෙයි – ජනපති

editor

editor

Next Post

ගෙම්බෝ වගේ එහාට මෙහාට පනින්නේ රට ගැන හිතන අය නෙමෙයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved