• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත්ගේ නිහතමානී ඉල්ලීමට තිස්ස කැමැති වෙයි

25 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2015 ජනාධිපතිවරණයට පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදාවී තිබියදිත්, එයට පටහැනිව එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අත්විදින අනතුර තමා පෙර සිටිම දුටු බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේ විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බවයි. එසේම හෙට දිනයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය සවිමත් කිරීමට තමා මෙන්ම පක්ෂයෙන් ඈත්ව කටයුතු කරන සියල්ලන්ටම යලි එක්වන ලෙස ආරාධනා කරනු කැමැත්තෙන් දන්වා සිටින බව එම ලිපියෙහි සඳහන් කර තිබේ.

තිස්ස අත්තනායක මහතා යොමු කළ ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා,
නියෝජ්‍ය නායකතුමා,
එක්සත් ජාතික පක්ෂය,
සිරිකොත,
පිටකෝට්ටේ.

ගරු නියෝජ්‍ය නායකතුමනි,

විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ඔබතුමා කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරුණු කැමැත්තෙමි.

පලමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කල ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය කල බව ගෞරවයෙන් දන්වා සිටිමි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසාවෙනි.

2015 ජනාධිපතිවරණයට පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදාවී තිබියදිත්, එයට පටහැනිව පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අප අත්විදින අනතුර මා දුටු නිසාත් ඒ පිළිබඳව මා නැඟු හඩ, නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව ඇතිවූ බරපතල කම්පනය එම තීරණය ගැනීමට හේතුවක් විය.

මේ පිළිබඳව සවිස්තරාත්මකව මම එළිදක්වන “නොකියු කතා“ ග්‍රන්ථයේ සටහන් වේ. පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කොට පක්ෂය ජයග්‍රහණය කරවීමට මා තුළ තිබූ අපේක්ෂාව ඉටුවන මොහොත උදාවී ඇති බැවින් යලිත් ඔබතුමා සමඟ අත්වැල් බැද ගනිමි.

ඉතිහාසයේ සිදුවූ සියලු අමිහිරි මතකයන් පසෙකලා ඔබතුමා සමඟ මේ මොහොතේ එක්වනුයේ මාගේ දිවි දෙවැනි කොට සුරකීමට කැපවූ පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සඵල කිරීම මාගේ යුතුකම සහ වගකීම වන බැවිනි.

හෙට දිනයේ ඔබතුමාගේ නායකත්වයෙන් ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය සවිමත් කිරීමට මා මෙන්ම පක්ෂයෙන් ඈත්ව කටයුතු කරන සියල්ලන්ටම යලි එක්වන ලෙස ආරාධනා කරනු කැමැත්තෙමි.

ඔබතුමා සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යලි තිර කිරීමට මාගේ සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් මා කෙරෙහි ඔබතුමා තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් ප්‍රතිඥාවක් දෙනු කැමැත්තෙමි.

 

තිස්ස අත්තනායක
එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්.

Post Views: 4
Previous Post

මිය ගිය හා විදේශගත ඡන්දදායකයන්ගේ ගැන විමසීමක් – මැතිවරණ කොමිෂන් සභාව

Next Post

සජිත්ගේ නම හෙට නිල වශයෙන් ප්‍රකාශයට …!

editor

editor

Next Post

සජිත්ගේ නම හෙට නිල වශයෙන් ප්‍රකාශයට ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved