27 April 2024
#දේශීය

සජිත්ගේ නම හෙට නිල වශයෙන් ප්‍රකාශයට …!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නම හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු සියළු දෙනාගේ ඒකමතිකත්වයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් විරෝධි කල්ලිය විසින් නිර්මාණය කළ අර්බුදය නිමාවට පත්වනු වාර්තා වේ. කෙසේ වෙතත් ඊයේ (24) පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවේදී යම් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

ඒ, එක්සත් ජාතික පක්ෂය පිළිගත් ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා මිස අත්තනෝමතික ප්‍රතිපත්ති වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකිරීමට, ජනාධිපති අපේක්ෂකයා වූවද ජනාධිපති වූවද එක්සත් ජාතික පක්ෂයේ නිලතල වෙනස් නොකළ යුතුය. එනම් දැනට පක්ෂ සම්මේලන වලින් සම්මත වී ඇති එජාප නිලතල වේ. එසේම දැනට පවතින අගමැති ධූරය වෙනස් නොකළ යුතුය යන කොන්දේසි වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *