ඉදිරියේදී සන්ධානයකින් මැතිවරණයකට ආවම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලෙස අපි කරන්න ඕන ප්‍රධානම දේ ඒ් සන්ධානය දිනවීමයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයේ ප්‍රධාන ආරාධතයා ලෙස සහභාගී වෙමින්ය.මැදවච්චිය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම ආසන බල මණ්ඩලය මැදවච්චිය නගරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක් වු දුමින්ද දිසානායක මහතා ” ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණෙයේදී අපි අනුරාධපුර දිස්ත්‍රික්කය ලෙස අපේ සියලු කැපකිරීම්, පරිත්‍යාගයන් සිදු කරලා අපෙන් 07 ක් පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු වෙනවා, දැනට අපේ මන්ත්‍රීවරු 06 යි පාර්ලිමේන්තුවේ ඉන්නේ, 2/3 ක පාර්ලිමේන්තුවක් හදන්න නම් අපි බොරුවට තුනෙන් දෙකයි, තුනෙන් දෙකයි කියලා කෑ ගැහුවට වැඩක් නෑ, අපි අනුරාධපුරයෙන් තව මන්ත්‍රීවරයෙක් වැඩි කර ගත යුතු වෙනවා, තව මන්ත්‍රීවරයෙක් වැඩි කර ගන්න නම් තවත් ඡන්ද තිස් හතලිස් දහසක් හොයාගන්න ඕනකමත් තියෙනවා. එහෙම නම් අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරන්නේ ඉතිරි මාස 02-03 දී, අපි විශ්වාස කරනවා අප්‍රේල් මාසේ අවසාන වෙන කොට මැතිවරණය තියයි කියලා, මැතිවරණ ප්රචාරක කටයුතු නැතිව අපිට තව වැඩ කරන්න තියෙන්නේ මාසයයි.පෙබරවාරි මාසේ විතරයි අපිට වැඩ කරන්න තියෙන්නේ මාර්තු මාසේ 05-06 වන විට පාර්ලිමේන්තුව විසුරවනවා, ඒ් නිසා මැතිවරණයක් තියෙනවා කියන එක ඔලුවේ තියාගෙන අපි ක්‍රියාත්මක වෙන්න ඕනකම තියෙනවා. යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයින්, ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් සහභාගී වූහ.