27 April 2024
#දේශීය

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා සොයන්න ජනපති නියෝග කරයි

2011 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් ගුවන් සමාගම අතර සිදුවු ගනුදෙනුවේදී සිදු වු යැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධ සොයන්න පරිපුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රිස් සමාගම සමඟ කල ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කල බව කියන මුල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා අද (02) සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක සහ ඊයේ (01) දින අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන් වු වාර්තාවක් අනුව බවයි.
එසේම මෙම චෝදනා පිළිබඳව සෑම පැතිකඉක්ම ආවරණය වන පරිදි වහාම පුර්ණ පරික්ෂණයක් කොට ප්‍රතිඵල දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *