ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි, මෙරට මධ්‍යසාර භාවිත කරන්නන්ගෙන් 37%ක්ම තෝරා ගන්නේ කසිප්පු ඇතුළු නීති විරෝධී මත්පැන්ය. මෙම සිදුවීම රටේ මහජන සෞඛ්‍යයට පමණක් නොව ආර්ථිකයට ද දැඩි තර්ජනයක් වී තිබේ.
මධ්‍යසාර නිසා වාර්ෂිකව පුද්ගලයන් 15,000 – 20,000ක් අතර ප්‍රමාණයක් මියයයි. මෙය දෛනිකව මරණ 40-50ක් වැනි ඉහළ අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙමින් ලේකම්වරයා සඳහන් කළේ, ලෝක මට්ටමින් මධ්‍යසාර භාවිතය සියයට 95කින් පමණ ඉහළ ගොස් තිබියදී, ශ්‍රී ලංකාවේ නීති විරෝධී මධ්‍යසාර භාවිතය සියයට තුන්සීයකින් (300%) පමණ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් සිදුවන මරණ 85%ක්ම සිදුවන්නේ සිරෝසීස්, වකුගඩු රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග හේතුවෙන්.
කෙසේ වෙතත් මධ්‍යසාර නිසා ඇතිවන රෝගාබාධ සහ සමාජීය ගැටලු හේතුවෙන් වසරකට රටට රුපියල් බිලියන 237ක ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවේ.














