සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගනනයක් සිදුකර ඉන් පසු වැඩ ආරම්භ කරමු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(11) සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු පැමිණි සිටි පිරිස අමතමින්.
අමාත්‍යවරයා එහිදී මේසේ පැවසීය “ මම සාමාන්‍යයයෙන් තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. තියෙන තනතුරත් අතහරින කෙනෙක්. කෙසේ වෙතත් මේ අවස්ථාව අනුව ලබා දුන් මෙම තනතුර ප්‍රතික්ෂේප කිරීමට මට හැකියාවක් තිබුනේ නැහැ. තමුන්නාන්සේලා වර්ථමාන තත්වය දන්නවා.මේ තත්වය ගැන මම කථා කරන්න යන්නේ නැහැ. 07 වෙනිදා කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්තුමා ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු තමුන්නාන්සේලාට දැන ගන්න ලැබුණොත්, මේ රටේ ඇති වෙන්න ගියපු අති භයානක කුමණ්ත්‍රනය පිළිබදව හා ලේ වැගිරීමක් පිළිබදවත්, හොද අවබෝදයක් ලබා ගන්න පුලුවන්. එම නිසා තමයි ජනාධිපතිවරයාට සිද්ධ උනේ මේ තත්වය ඇති කිරීමට.රටේ යහපතටත්, ජනතාවගේ යහපතටත් එතුමාට මේ තීරණය ගැනීමට සිදුවුනා. ඒ අනුව අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා “යැයි ඒ මහතා කියා සිටියේය.