27 April 2024
#දේශීය

තවත් කැබිනට් ඇමැතිවරු 5 ක් දිවුරුම් දෙයි – ගම්මන්පිලටත් ගොඩ

තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් අද (09) පස්වරුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.  ඒ, උදය ගම්මන්පිල බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී ඇති අතර එම් එල් ඒ එම් හිස්බුල්ලා දිවුරුම් දුන්නේ නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසටයි.

මේ අතර එස් එම් චන්ද්‍රසේන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසට සහ සී. බී රත්නායක තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දුන්නා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු දිවුරුම් දෙනු ලැබුවේ වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙසටයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *