ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වැරදි වටහා ගැනීම් නිවැරැදි කරගෙන සබඳතා නැවත ශක්තිමත් කළ යුතු බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුතු කළ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්රමුඛපෙළේ කණ්ඩායමකගේ දැඩි අධානය යොමු වීඇතැයි වාර්තා වෙයි.
පසුගිය මාසයකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා කෙරෙහි දැඩි සැකයක් හා බලපෑමක් ඇතිවන සිදුවීම් මෙන් ම ප්‍රකාශයන් ද තැනින් තැනින් අසන්නට දක්කට ලැබුණි. මේ තත්ත්වය තුල ස්විස් රජයේ මෙම නිවේදනය වැදගත් එකක් වනු ඇති බව බොහෝ නිරීක්ෂකයින්ගේ මතයයි.
ශ්‍රී ලංකාවේ අදාළ අංශ විසින් තානාපති කාර්යාල සේවිකාවක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තහවුරු නොකරන ලද තොරතුරු මහජනතාවට සම්ප්‍රේෂණය වූ බව එම නිවේදනයේ සඳහන් ය. එමගින් දෙරට අතර පිහිටි සබඳතාවට සහ සුහදතාවට අනවශ්‍ය කළු පැල්ලමක් එක්වූ බවත් ඉන් කිසිදු අයුරකින් ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටියි.
ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව රටවල් ද්විත්වය ම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් පවත්වාගෙන යෑම වැදගත් බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
* Written By : Janith Vipulaguna