27 April 2024
#දේශීය

සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

සිසු හෙද / හෙදියන් පුහුණුවට බඳවා ගැනීම ඖෂධවේදී හා මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (15) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

ඒ අනුව වසර 03 ක හෙද පුහුණුව සදහා තෝරා ගත් 4260 දෙනෙකුට හෙද විදුහල් 15 ක පුහුණුවට බදවා ගැනීමට නියමිත අතර, ඉන් 10 දෙනෙකු සදහා පත්වීම් පිරිනැමිණි.

එමෙන්ම ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගන්නා ලද සිසුන් අතර, වසර 02 ක ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද පුහුණු අභ්‍යාසලාභීන් 73 දෙනෙකුටත්,
මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 59 දෙනෙකුටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය අතින් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරන ලදි.

වර්තමානයේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 45,000 ක් අතුරින් හෙද නිලධාරීන් 41,000 කට ආසන්න පිරිසක් හෙද සේවයේ යෙදී සිටින බවත්, හෙද විදුහල් තුළ මේ වන විට 5000 කට
ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවත් මෙහිදි පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරියේ දී වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල මෙන්ම අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඉහළ නංවමින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

Appointment letters for Student Nurses, Pharmacists and Public Health Laboratory Technicians

Recruitment of Student Nurses / Nurses Training Pharmacist and Public Health Laboratory Appointment Letters Ceremony Today (15) Minister of Health
It was held at the auditorium of the Ministry of Health under the patronage of Mrs. Pavithra Wanniarachchi.

Accordingly, 4260 persons selected for the 03 year nursing training are to be recruited for the training of 15 nursing colleges and appointments were given to 10 of them.

Also, 73 trainees who successfully completed the 02 year Diploma in Pharmacy were recruited for the Diploma in Pharmacy.
Letters of appointment were handed over by the Minister of Health to 59 Public Health Laboratory Technicians.

At present, out of the 45,000 approved nursing staff, nearly 41,000 nurses are engaged in the nursing service.
The Minister of Health pointed out that steps are being taken to increase the human resources of the health service by increasing the number of medical and nursing staff as well as other health staff.

Maj. Gen. Specialist Dr. Sanjeewa Munasinghe, Director General of Health Services, Dr. Asela Gunawardena, Additional Secretary to the Ministry of Health, Deputy Directors General, Directors and other officials were also present on the occasion.

Leave a comment

Your email address will not be published. Required fields are marked *