27 April 2024
#විදෙස්

LAB LEAK බැහැර කිරීමට බෑ.. අභිරහස විසදන්න උදව් ඕනෑ බව WHO චීනයට කියයි

වුහාන් ‘ලැබ් ලීක්’ තියරිය බැහැර කළ නොහැකි බවත් කොවිඩ් වෛරසයේ අබිරහස විසඳා ගැනීමට උදව් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත්තේ වුහාන් විද්‍යාගාර කාන්දුවීමේ න්‍යාය බැහැර කළ නොහැකි බවත් කෝවිඩ් පැමිණියේ කොහෙන්ද යන්න පිළිබඳ අභිරහස විසඳීමට චීනය උදව් කළ යුතු බවත්ය.

එසේම කොවිඩ් -19 ආරම්භ වූයේ කොතැනද යන්න තවමත් නිශ්චිතව හදුනා ගෙන නොමැති අතර එය වුහාන්හි ඇති වෙළඳපොලක සත්ව සම්බන්ධතා මත හෝ එම වෛරසය චීනයේ පර්යේෂණාගාරයෙන් කාන්දු වීමක් සිදුව ඇති බව විවිධ මත පල වේ.

එම වාර්තා චීනය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින අතර චීනය සිය පර්යේෂණාගාර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන නිලධාරින්ට විවෘත නොකිරිම බලවත් ගැටළුවක්ව පවති.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ මේ වන විට මිලියන 3.75 ක ජනතාවක් වෛරසයෙන් මියගොස් ඇති අතර අවම වශයෙන් මිලියන 174 ක් වත් මෙම රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි.

 

 

මුලාශ්‍ර –

 

LAB ‘LEAK’ WHO chief says Wuhan Covid lab leak theory can’t be ruled out and insists China should help solve the ‘origin’ of virus

 

THE head of the World Health Organisation has said the Wuhan lab leak theory can’t be ruled out and that China should help solve the mystery of where Covid came from.

WHO Director General Dr Tedros Adhanom Ghebreyesus, 56, urged more “transparency” from China in the ongoing investigation and suggested that Beijing had not fully co-operated.

 

Jon Rogers – the Sun, A NEWS UK COMPANY

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *