27 April 2024
#දේශීය

සුවවූ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

අද (16) පෙරවරු 10.00 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ   තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව  සුවය ලැබු සමස්ථ  ගණන 2007 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වුවත් මෙරට කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2674 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගය.

එහිදී  පුද්ගලයන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි පුද්ගලයන් වූ අතර තවත් සිව් දෙනෙකු   කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබුණි. 

තවත් එක් ආසාදිතයකු කන්දකාඩු ආසාදිත පොකුරට අදාළ ව හඳුනාගෙන ඇත.

බඹරදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර  ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *