ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්රශ්නය තමයි හැම වෙලාවෙම එතුමාගේ වයර් මිශ්‍ර වීම බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් සංවර්ධන අධිකාරිය එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාගම පාර, හිරිපිටියාගම, ඉපලෝගම යන ස්ථානයේ ස්ථාපනය කරන ලද දිසිඳි පොල් කර්මාන්ත ශාලාව ( Sanmik Food (Pvt) Ltd. DC Factory & Dehydration Unit ) පසුගියදා වීවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දයාසිරි ජයසේකර මහතා ” තිබ්බ ඇමතිකමත් නැති කර ගත්තා විශ්වාසභංගයට සහය දෙන්න ගිහිල්ලා. මම පුද්ගලිකව කීවා ඔය වැඩේ කරන්න එපා කියලා. ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් පැය විසි හතරකවත් නෑ තිලංගත් එක්ක එකතු වෙලා ගේම් එක ගහන්න හැදුවා. ඉතිං ඔය වගේ දේවල් දයාසිරිගෙන් පිට වෙන එක අපිට ලොකු දෙයක් නෙවෙයි. අපිට ඒක හොඳට පුරුදු වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපේ රට මේ කලාපය පමණක් නෙවෙයි චීනය හා ඉන්දියාව අපිට තියෙනවා ආරක්ෂක ගිවිසුමක්. ඒ වගේම 1948 ඉඳලා අපිට තියෙනවා ආරක්ෂක ගිවිසුමක්. ඒක අලුත් දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඇමෙරිකාව වේවා ඉන්දියාව වේවා චීනය වේවා අපි ආරක්ෂක ගිවිසුම් ලබා ගන්නේ ඔවුන්ගෙන් යම්කිසි දෙයක් ලබා ගන්න. අපිට විශේෂයෙන් ඔවුන්ට ලබා දෙන්න දෙයක් නෑ. අපි අවුරුදු 30ක යුද්ධයකට මූණදීලා ඒකෙ පල පුරුද්ද අපේ හමුදාවට තියෙනවා. ඒ දැනුම තියෙනවා එය අපිට ඔවුන්ට දෙන්න පුළුවන්. මම දන්නවා ඇමෙරිකාව වගේ රටවල් ලෝක බලවතුන් උනාට ත්රස්තවාදයට මුහුණු දුන් අත්දැකීම් දැනුම අපෙන් ලබා ගන්න කැමතියි. ඉතිං ඒක ද්විත්වයක් ගනුදෙනුවක්. අපේ රටට විශාල වශයෙන් වාසි ලැබෙනවා නම් පැහැදිලිවම ඇමෙරිකාවත් සමඟ ගිවිසුමක් අත්සන් කරන එක අපේ රටට අහිතකරයි කියලා මම නම් හිතන්නේ නෑ. විශේෂයෙන් ඔය වගේ දෙයක් කැබිනට්ටුවට ඇවිල්ලා කැබිනට් එකේ අනුමැතිය ලබා ගෙන තමයි අපි කරන්නේ. ඒක රහසේ කරන්න බෑ. අපි හරි විවෘත සමාජයක ජීවත් වෙන්නේ. විවිධ පක්ෂ වලට විවිධ මත තියෙන්න පුළුවන්. යැයි නවින් දිසානායක මහතා පැවසිය.