27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ වාර්තාව කථානායක වෙත

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිලිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කථානායක කරු ජයසුරිය මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද දින (22) මධ්‍යහ්න 12.20 ට කථානායකවරයා වෙත භාර දී තිබේ.

එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකරන අතර එහිදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසනු ඇත.

එම වාර්තාව නීතිපතිවරයා විසින් අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කිරීමක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතය. ලබන සිකුරාදා දක්වා මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *