• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමයා සහ තරුණයා අර්ථ නිරූපණය කිරීමට අදාළ පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

2 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අවුරුදු 18 දක්වා වු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපනය කිරීමට ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට හා අවුරුදු 18 සිට 22 දක්වා වු තැනැත්තන් තරුණයින් ලෙස අර්ථ නිරූපණය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට සංශෝධන ගෙන ඒමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනතට අනුව මේ වන විට වයස අවුරුදු 14 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස අර්ථ නිරූපනය කරනු ලබන බවත් ළමයින් පිළිබඳව යුක්තිය පසිඳලීම පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුළ ළමයා යන පදයේ විවිධාකාර අර්ථ නීරූපණ අන්තර් ගත වන බවත් අමාත්‍යාංශය පවසයි.

තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥා පනතට අනුව වයස අවුරුදු 16 සහ 22 අතර තැනැත්තන් තරුණ තැනැත්තන් බවට හදුන්වනු ලැබේ.

ඇතැම් නීතිවල විවිධ වයස්වල තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපණය කර ඇති අතර මෙරට නීතියේ මෙම ඒකීයත්වය නොමැතිකම ජාත්‍යන්තරව මෙන්ම දේශීය වශයෙන් ද විවේචනාත්මක මතයකට භාජනය වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

නීතිය උල්ලංඝණය කර ඇති වයස අවුරුදු 16 ට වැඩි ළමයින්ට අධිකරණ මගින් බන්ධනාගාරගත කිරීමට හෝ තරුණ වරදකරුවන් සඳහා වන පුහුණු පැසැලට යැවීමේ දණ්ඩන නියම කරනු ලබන අතර මෙම ක්‍රියාමාර්ග ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ මෙරට බැදීම්වලට එකග නොවන බැවින් වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනය නියම නොකළ යුතු බව අමාත්‍යාංශය පවසයි.

එබැවින් ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනතේ විෂය පථය යටතට ගැනෙන ළමයින් යන පදය මෙන්ම වයස අවුරුදු 18 ට අඩු සියලුම ළමයින් අර්ථ නිරූපනය කිරීම පිණිස එකී ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරිමට පියවර ගෙන තිබේ.

ඊට සමගාමීව තරුණ තැනැත්තෙකු යනු වයස අවුරුදු 18 සහ 22 අතර තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපනය කිරීම පිණිස තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට ද සංශෝධන ගෙන ආ යුතු බවට නිර්දේශ කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය සදහන් කළේ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥා පනත යටතේ තරුණ තැනැත්තෙකු යන පදය වයස අවුරුදු 16 සහ 22 අතර තැනැත්තෙකු වශයෙන් අර්ථ නිරූපණය කිරීම හේතුවෙන් මෙම නීති දෙකම එකවිට සංශෝධනය කිරීම අවශ්‍ය බවයි.

ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත සංශෝධනය කිරිමට පෙර තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනත සංශෝධනය කරනු ලැබුවහොත් වයස අවුරුදු 16 සහ 18 අතර ළමයෙකුට පරිවාසය මගින් පාලනය කරන සහතිකලත් පාසැල්වලට යැවීමේ දණ්ඩනය පැනවීමට අධිකරණවලට නොහැකි වන නමුත් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනය පැනවිය යුතුව ඇති බැවින් මෙම අනපේක්ෂිත සිදුවීම වැළැක්විය යුතු බව තිබේ. ඒ හේතුවෙන් මෙම පනත් දෙකම එකවර සංශෝධනය කිරීමට කටයුතු කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියේ 37, 39 සහ 40 වන වගන්තිවලින් නීතියට එරෙහි වන ළමයින්ගේ යුක්තිය පසිදලීම උදෙසා සහ අපරාධයක වින්දිතයින් වන ළමයින් සදහා යුක්තිය පසිදලීම දක්වා තිබේ.ළමයකු සිරභාරයට ගැනීම රඳවා තබා ගැනීම හෝ බන්ධනාගාරගත කිරීම අවසානාත්මක විසදුමක් වශයෙන් පමණක් හෝ සුදුසු වන කෙටිම කාලසීමාවක් උදෙසා පමණක් භාවිතා කළ යුතු බව ප්‍රඥප්තියේ සඳහන් වේ.

නිදහස අහිමි කළත් ළමයාගේ වැඩිම යහපත උදෙසා වැඩිහිටියන්ගෙන් වෙන් කොට තැබීම නොකළ යුතු වීම වඩාත් උචිත වන්නේ නම් මිස ඒ ළමයා වැඩිහිටියන්ගෙන් වෙන් කොට තැබිය යුතු බවට ද එම ප්‍රඥප්තියේ සහතික කර තිබේ.

වැඩිහිටි අපරාධකරුවන් සමග බන්ධනාගාරගත වු ළමයින් හෝ තරුණ තැනැත්තන් එකී වැඩිහිටි අපරාධකරුවන්ගේ බලපෑම්වලට ගොදුරුවන බව හා ඒ තුළින් ළමයින් හෝ තරුණ තැනැත්තන්ගේ චරිතයට හානි කර ප්‍රති විපාක ඇති කරන බව ඉතා ප්‍රකට කරුණක් වන බැවින් ළමයින් බන්ධනාගාරය වෙත නොයැවීම හෝ වැඩිහිටි සිරකරුවන් සමඟ රඳවා නොතැබීම අනිවාර්ය බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Post Views: 10
Previous Post

කාබනික පොහොර ගුණාත්මක බව පිරික්සීමට නියාමනයන් සැකසේ

Next Post

කිරිඇල්ල ජනපතිගෙන් බැංකු දෙකක් ඉල්ලයි .. නොදුන් නිසා …. ‍(update)

editor

editor

Next Post

කිරිඇල්ල ජනපතිගෙන් බැංකු දෙකක් ඉල්ලයි .. නොදුන් නිසා .... ‍(update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved