කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදු වී තිබෙන්නේ අද (03) දින උදෑසන කාලයේදී.
අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කළ පාසල් ළමුන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පිරිමි ළමුන් දෙදෙනෙකු, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.