27 April 2024
#දේශීය

10,000 ‍වවුචරපත මගින් මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ

ප්‍රසිද්ධ සමාගමක නාමය භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන බව පවසමින් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය කියා සිටියේ https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන බවයි.

විශේෂයෙන්ම මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයන් විසින් යම් සමාගමක 19 වන සංවත්සරය සැමරීම සදහා සිදුකරනු ලබන වවුචරපත් බෙදාදීමක් ලෙස හුවා දක්වමින් මෙම පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරයි. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් මෙවැනි සිද්ධින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුවත් කර සිටි. —

Leave a comment

Your email address will not be published. Required fields are marked *