27 April 2024
#දේශීය

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (09) කැළණිය රජමහා විහාරයේදී ජනාධපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 527,364 ලබා ගෙන  මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

2004,2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිව්වන වරටයි.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය ලබන 14 වන දා මහනුවර මඟුල්මඩුවේ දී දිවුරුම්දීමට සැලසුම් කර තිබේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *