27 April 2024
#දේශීය

ළමුන් 100ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති කියයි

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා‍ මේ බව පැවසූයේ අද (02) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” මේ සඳහා ගුරුවරුන් එන්නත්කරණය පළමු ව සිදුකිරීම අනිවාර්යය බව ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී එතුමා විසින් අවධාරණය කරන ලදී. ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් සෞඛ්‍ය නිර්දේශ මත ජූලි මාසය තුළ විවෘත කිරීමට ත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට ත් අපේක්ෂා කෙරේ. එම සැලැස්මට අනුව මූලිකව ම සියලු ම ගුරුවරුන්ට, නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට එන්නත් ලබාදීමටත් ඒ තුළින් දෙමාපියන්ට දරුවන් පාසලට එවීම පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීමත් සිදුවනු ඇත. එමෙන්ම අන්තර්ජාල පහසුකම් නොමැති දූ දරුවන් සඳහා රටපුරා එම පහසුකම් සපයා දිය හැකි මධ්‍යස්ථාන 2000ක් විවෘත කිරීමට ත් මහින්දෝදය විද්‍යාගාර, පාසල්, පන්සල් සහ ප්‍රජාශාලා ඒ සඳහා යොදාගැනීමට ත් අපේක්ෂිත ය. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, කලාප අධ්‍යක්ෂවරු මෙන් ම විදුහල්පතිවරුන් විසින් එම ස්ථාන 2096ක් හඳුනාගෙන ඇති අතර ජුලි මස 05වන දින එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

 

 

The Minister of Education says that steps will be taken to open schools with less than 100 children in the month of July

The Minister of Education Prof. GL Peiris says that a practical program is expected to be launched in the month of July in accordance with the full recommendations of the Health Department for schools with less than 100 children.

He was addressing a media briefing at the Ministry of Education in Battaramulla today (02).

Addressing the gathering, the Minister said, “It is imperative that teachers be vaccinated first for this purpose. There are 1439 schools with less than 50 children and 1523 schools with children 51-100. It is hoped to reopen the school and other schools in accordance with the plan, which will primarily vaccinate all teachers, officials and principals, thereby building confidence in parents to send their children to school and for children without internet access throughout the country It is expected to open 2000 centers that can provide facilities and use Mahindodaya laboratories, schools, temples and community halls for this purpose. The Minister also emphasized that.

Leave a comment

Your email address will not be published. Required fields are marked *