ගතවූ දින 07ක කාලය තුළදී ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි 111ක් ලැබී ඇති බව වාර්තා වෙයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන ආකාරයට එසේ ලැබුණු පැමිණිලි අතුරින් 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි වෙයි.
එමෙන්ම ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.
එම පැමිණිලි ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන වන බවත්, ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවත් ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.