27 April 2024
#දේශීය

කුඩු විකුණු නාකොටික් තවත් 12ක් අද අත්අඩංගුවට

කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් මත්ද්‍රව්‍ය  විකිණූ බව කියන සිද්ධියට අදාළව එම කාර්යංශයේ තවත් පොලිස් නිලධාරීන් 12දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අද(02) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 
මෙම 12දෙනා අතර, පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටියි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිසට, පොලිස් නිලධාරීන් 16දෙනෙක් සහ එක් සිවිල් පුද්ගලයෙක් ඇතුළත් වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *