27 April 2024
#සංවර්ධන

රත්නපුර අධිවේගය දේශීය සමාගම් වලට

රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව  එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

විදේශීය සමාගමකට ලබාදෙමින් පසුගිය රජය සමයේ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර එම කොන්ත්‍රාත්තුව දේශීය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන බවත් ඔහු පැවසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල සම්බන්ධ කරමින් කිලෝමීටර 76කින් ඉදිකෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිවෙයි.

මේ සඳහා අවශ්‍ය මුදල් ද විදේශ අරමුදල්වලින් තොරව දේශීය අරමුදල් මගින් සපයාගැනීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍ය  බන්දුල ගුණවර්ධන කීවේය.

මේ සඳහා මාර්ග, මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඔහු  සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *