පැවැති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් කෝප් කමිටුවේ වෝහාරික වාර්තාව අහෝසි වන බවට ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ අද (05) දින මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසී ය.
“සියයට තුනේ පෙරමුණ නාහයෙන් අඬනවා, කෝප් එක රැස් වෙන්න තිබුණාය, පාර්ලිමේන්තුව කල් දාපු එකෙන් කෝප් එක රැස් වෙන්න බැරි වුණාය, ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ වෝහාරික වාර්තාව එළිදක්වන්න බැරි වුණාය කියලා.
කවුරුත් කලින් කියලා තිබ්බේ නෑ කෝප් එක කලිං රැස් වෙනවාය, ඔය කියන වාර්තාව එදාට දානවාය කියලා. පාර්ලිමේන්තුව කල් දානකල් ඉඳලා සියයට තුනේ පෙරමුණ නහයෙන් අඬනවා.
අලුත් ජනාධිපතිවරයෙක් රැස් වුණාම සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුව කල් දානවා තමයි. අලුත් සැසි වාරයක් ආරම්භ කරලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතනවා. සියයට තුනේ පෙරමුණ නොදන්නවා වුණාට ඒක සම්ප්රදාය.
ඒකෙන් ඔය කියන වෝහාරික වාර්තාව අවලංගු වෙන්නේ නෑ. අපි ජනවාරි 3 රැස් වුණ ගමන්ම මුලින්ම කරන්නේ කෝප් කාරක සභාව පත් කරලා ඔය කියන වෝහාරික වාර්තාව රටට ප්‍රසිද්ධ කරන එක.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවැසී ය.
සටහන : අකුලූෂ විද්‍යාතිලක