27 April 2024
#සංවර්ධන

වැලි,ගල්,පස් ප්‍රවාහනය බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන්නේ පරිසරයට හානිය ගැන සෙවීමටයි – කැබිනට් ප්‍රකාශක

වැලි,ගල්,පස් ප්‍රවාහනය සඳහා වන බලපත්‍රය තාවකාලිකව සතියකට අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් පරිසරයට හානියක් නොවන පරිදි කර්මාන්ත පවත්වාගෙන යා හැකි ද කියා සොයා බලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කෙරෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය “ පරිසරික සංරක්ෂණයට සඳහා අවශ්‍ය වන නීතිමය විධිවිධානවල කිසිම ලිහිල් කිරීමක් කර නෑ. වැලි ගොඩ දැමීම ගැන ආරක්ෂ අංශ නීතිය ක්‍රියාත්මක කරන අංශ දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. වැලි ගල් ප්‍රවාහනය සඳහා වන බලපත්‍රය තාවකාලිකව සතියකට අත් හිටුවනවා. පරිසරයට හානියක් නොවන පරිදි කර්මාන්තය පවත්වාගෙන යා හැකි ද කියා සොයා බලීමට විශේෂඥ සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එහි විමර්ශනයෙන් අනතුරුව ස්ථීර ලෙස ප්‍රවාහනයා ලිහිල් කරනවාද කියන තීන්දුව ගන්නේ. ගල් වැලි පස් ප්‍රවාහනයට පමණක් බලපත්‍ර ලිහිල් කිරීමක් පමණයි සිදු වන්නේ.වෙනත් කිසිදු රාජ‍යක් නොකළ ආකාරයට ධරණීය සංවර්ධනය වෙනුවෙන් පරිසර සුරක්ෂිතතාවයට රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වැලි ගොඩ දැමීම් ගල් කැඩිම් සඳහා ගත යුතු බලපත්‍ර ඒ ආකාරයටම ගත යුතුයි.නීති කඩවීමක් සිදු වීමක් වනවාද කියන කාරණය ආරක්ෂක අංශ දැඩි අවධානයකින් බලන බව ” යැයි අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *