27 April 2024
#දේශීය

යතුරු පැදි අනතුරින් 13 හැවිරිදි දැරියක් මරුට

මාරවිල, තිහගොඩ ප්‍රදේශයේ සිදු වු යතුරුපැදි අනතුරින් 13 හැවිදිරි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (22) දහවල් 3 ට පමණ තිහගොඩ, කොටපොල කුඩාපාන හන්දියේදී මුලටියව දෙසට ධාවනය වු යතුරු පැදියක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පැමිණි ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

එම අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු සහ පසුපස ගමන් ගත් දැරියක් බරපතල තත්ත්වයෙන් දෙයියන්තර රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දැරිය වයස අවුරුදු 13 ක් වු ගොමිල, මාරවිල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය දෙයියන්දර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *