27 April 2024
#වෙනත්

13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි

පොසොන් පොහොය උත්කර්ෂවත් අන්දමින් ක්ලොගර්ඩ් සන්නාමය, අඛණ්ඩව 13 වන වසරටත් මිහින්තලා පොසොන් උත්සවය හා එක්ව බැදෙමින් දහස් ගණනක් බැතිමතුන්ගේ මනස හා සිතුවිලි බැති සිතින් පුරවාලන්නට කටයුතු කළේය.

වාර්ෂිකව පොසොන් උත්සවය සඳහා මිනින්තලා පුද බිම කරා පැමිණෙන බැතිමතුන්ගේ මුඛ සෞඛ්‍ය සහ ඔවුන්ගේ සුව පහසුව වෙනුවෙන් කටයුතු සම්පාදනය කරමින් ජනාදරය දිනාගත් විශ්වාසනීය වෙළඳ නාමය වන ක්ලොගර්ඩ් මෙසේ බැතිමතුන්ට තම දායකත්වය සැපයුවේය.

මෙහිදී මිහින්තලා පුද බිමට පැමිණෙන බැතිමතුන්ගේ දන්ත සෞඛ්‍ය ඉහළ නංවමින් දත් පරික්ෂාවන් ඇතුළු මුඛ සෞඛ්‍ය පරික්ෂාව ක්ලොගර්ඩ් ජංගම දන්ත සායනය මගින් නොමිලේ පවත්වනු ලැබූ අතර වන්දනාකරුවන්ට ඔවුන්ගේ භක්තිමත් වන්දනා ගමන පුරා මුඛ සෞඛ්‍ය රැකවරණය පවත්වා ගැනීම සඳහා කරාබු නැටි තෙල්වල ගුණය අඩංගු ක්ලෝගාර්ඞ් දන්ලේතාලේපය ද පිරිනැමිණි.

එසේම මෙම ප‍්‍රදේශයට පවතින සීමිත ජල සැපයුමෙන් පැන නගින ගැටළු හඳුනාගනිමින් බැතිමතුන් එම අපහසුතාවයෙන් මුදවා ගැනීම සඳහා ඔවුන්ට අපහසුතාවයකින් තොරව පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවශ්‍ය ජල පහසුකම් ලබා දීමට ක්ලොගර්ඩ් කටයුතු කළේය.

ක්ලොගර්ඩ් වෙතින් මෙහිදී බැතිමතුන්ට වන්දනා ගමනේදී අත්‍යාවශ්‍යවන ගාථා සහිත අලංකාර ගාථා කාඩ් පතක් තිලිණ කළේය. තවද කරාබු නැටි සහ අනෙකුත් ඖෂධ වලින් සැකසුන මුවට නැවුම් බව එකතු කරන දැහැත් විට එකතුවක් ද බැතිමතුන්ට පිරිනැමීය. එමගින් මිහින්තලා පුද බිම පුරා වන්දනාවේ නියුතු බැතිමතුන්ට නැවුම් හුස්මක් ගනිමින් පිරිසිදු මනසින් වන්දනා කටයුතු කිරීමට නැවුම්වූ මිහිරි පහසුවක් සැලසීය.

ජාතියේ දේශීය සංස්කෘතිය සහ උරුමය සුරකිමින් ක්ලෝගාර්ඩ් සිය පාරිභෝගිකයන්ගේ ජිවිත ඉහළ නැංවීම සඳහා දැඩිව කැපවී සිටී. එහි දී ක්ලෝගාර්ඞ් පාරිභෝගිකයින්ට සැබවින්ම විශ්වාස කළ හැකි විශ්වාසදායක සාම්ප‍්‍රදායික අමුද්‍රව්‍ය භාවිතා කරමින් සිය නිෂ්පාදන ඉදිරියටත් ලබා දෙනු ලබයි.

මිහින්තලේ පොසොන් උත්සවය තුළ සිදුකල ක‍්‍රියාකාරකම් පිළිබඳව හේමාස් නිෂ්පාදන සමාගමේ අලෙවි සාමාන්‍යධිකාරී ඩෙරික් ඇන්තනි මහතා මෙසේ අදහස් දැක්විය. ‘‘අප අඛණ්ඩව 13 වන වරටත් මේ වසරේදී මිහින්තලේ පුදබිමට පැමිණෙන සියලූම බැතිමතුන් වෙනුවෙන් සහයෝග ලබා දෙන්නට ඉදිරිපත් වුනා. වගකිවයුතු සන්නාමයක් ලෙස බැතිමතුන්ගේ සුබසාධනයත් ඔවුන්ගේ දන්ත ආරක්ෂාව පිළිබඳවත් සොයා බැලීමේ සහ ඒ සඳහා ක‍්‍රියාත්මක වීමේ වැදගත්කමත් අප වටහාගනු ලැබුවා. ඒ අනුව අප අඛණ්ඩව නොනවත්වා මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම මගින් මෙම වන්දනාකරුවන්ගේ අධ්‍යාත්මික ගමනට සහයක් වන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.”

මිහින්තලේ බැතිමතුන්ට සිය ගෞරවනීය සහයෝගය අඛණ්ඩව 13 වන වසරටත් ලබා දීම ම`ගින් ක්ලෝගාර්ඩ් දේශීය පාරිභෝගික අවශ්‍යතා සහ දේශීය සංස්කෘතිය ගැඹුරින් වටහාගත් සන්නාමයක් බවට සාක්ෂි සපයයි. එසේම ඔවුන් සිදු කරන්නාවූ සෑම කටයුත්තක්ම එසේම පාරිභෝගිකයන් හදවතේ ගැඹුරේ සටහන් වී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *